IMG-LOGO

ගෑස් ටෙන්ඩරය ගැන ලිට්‍රෝ සමාගම පැහැදිලි කරයි

(යොහාන් භාසුර)

වර්තමාන ගෑස් හිඟය සහ පෝලිම් පිළිබඳව අවධානය යොමු කර තාවකාලික ගෑස් සැපයුම සඳහා ඕ.කිව්. ට්‍රේඩින් සමාගම සමඟ ගිවිසුම්ගත වීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් සියම් සමාගමේ කොන්ත්‍රාත්තුව අවසන් කර ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ක්‍රියාකළ හැකි වන පරිදි ටෙන්ඩර් කැඳවීමට උපදෙස් ලැබුණු බවත් ලිට්‍රෝ සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ලිට්‍රෝ සමාගම 2022-2023 වසර සඳහා ගෑස් මෙට්‍රික්ටොන් 280,000 ක් මිලදී ගැනීමට කැඳවූ ටෙන්ඩරයට පසුගිය මාර්තු මස 16 වැනිදා අවසන් වූ බවත් ඒ සඳහා සැපයුම්කරුවන් තිදෙනෙක් මිල ගණන් ඉදිරිපත් කර තිබූ බවත් ලිට්‍රෝ සමාගම පවසයි.

අමාත්‍යංශ ප්‍රසංපාදන කමිටුව එම සැපයුම්කරුවන් අතරින් සියම් ට්‍රේඩින් සමාගම අදාල වර්ෂය සඳහා සැපයුම්කරු ලෙස නම් කළ පසු ගිවිසුම් ප්‍රකාරව සියම් සමාගම වෙනුවෙන් ඩොලර් මිලියන 30 ක ණයවර ලිපියක් විවෘත කිරීමට නොහැකි වීම නිසා විකල්ප ගෑස් මිලදීගැනීමට මිල කැඳවූ බවත් සියම් සමාගමේ ආර්ථික තත්වය හමුවේ ඔවුන්ට නෞකා ගාස්තු ඩොලර් 112 බැගින් ගෑස් මෙට්‍රික්ටොන් 6,600 ක් පමණක් සැපයිය හැකි බව දන්වා තිබූ බවත් එම නිවේදනයේ සඳහන්ව තිබේ.

මිල ගණන් කැඳවීමේදී දෙවැනි අඩු මිල ගණන් සැපයූ ඕ.කිව්. ට්‍රේඩින් මාස හතරක ගෑස් අවශ්‍යතාව වන මෙට්‍රික්ටොන් ලක්‍ෂයක් නෞකා ගාස්තු ඩොලර් 129 බැගින් ලබාදිය හැකි බව දැනුම් දුන් බව කියන ලිට්‍රෝ සමාගම ඕ.කිව්. ට්‍රේඩින් සහ සියම් සමාගම අතර නැව් ගාස්තු පරතරය ඩොලර් 17 ක් වීම නිසා එය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකට රුපියල් 77.50 ක බලපෑමක් ඇති වුවද ඊට වඩා සැපයුම ලබාදීම වඩාත් වැඳගත් බවත් ලිට්‍රෝ සමාගම වැඩි දුරටත් කියයි.



අදහස් (1)

ගෑස් ටෙන්ඩරය ගැන ලිට්‍රෝ සමාගම පැහැදිලි කරයි

ravin Monday, 20 June 2022 06:12 PM

කරුණාකර ඔය කියන සිස්ටම් සමාගමේ දේශීය නියෝජිතගේ සම්පූර්ණ විස්තර පලකළොත්, මෙහි මුල මැද අග පැහැදිලි වනු ඇත.

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 156 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 56 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 213 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site