
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර උතුර ලිට්රෝ ගෑස් අලෙවි සැලකින් රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා ගෑස් සිලින්ඩර සහ මුදල් අද අලුයම සොරාගෙන ගොස් ඇතැයි පානදුර උතුරු පොලිසිය කියයි.
එම වෙළඳසලින් ගෑස් සහිත සිලින්ඩර 30 ක් හා මුදලින් රුපියල් 30,000 ක පමණ මුදලක් සොරාගෙන ගොස් ඇති බව වෙළඳසැලේ හිමිකරු කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
වෑන් රථයකින් පැමිණි කීප දෙනෙකු ව්‍යාජ යතුරක් උපයෝගී කරගෙන එයින් ඉදිරිපස දොර විවෘත කර මෙම සොරකම සිදුකර ඇති බව විමර්ශනවලදී හෙළිවූ බව පොලිසිය කියයි.
අදාල සොරකම වෙළඳසැල ඉදිරිපිට ගොඩනැගිල්ලක සවි කර තිබෙන සීසීටිවී කැමරාවක සටහන් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෝලිමේ පැය ගණන් ඉඳලා ගෑස්ගන්න බලන් ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ගෑස් මෙසේ හොරා ගන්නා අයත්, වැඩිමිල විකුණන අයත් හුඟක් පරිස්සම් වෙන්න. ඒවා අතරමග හෝ තමන්ගේම නිවසේ පුපුරායනවා..