
(හිරාන් ප්‍රියංකර ජයසිංහ,චන්දන හෙන්දුරුගොඩ සහ එස්.හේරත්)
මාරවිල පිලාකටුමුල්ල ප්‍රදේශයෙ මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක් මතට ගසක් කඩා වැටිමේන් යතුරු පැදියෙ ගමන් කරමින් සිටි දියණීය මරණයට පත්ව පියා බරපතල තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල පොලිසිය කියයි.
මෙලෙස අවාසනාවන්ත අයුරින් මරණයට පත්ව ඇත්තේ නාත්තන්ඩිය උඩුවෙල පාර මැදගොඩ මුට්ටිබැදිවිල පදිංචිව සිටි යටවරගේ දොන් හංසි ඉෂාරා ලංකා නැමති 36 හැවිරිදි කාන්තාවක් බව කියයි.
මරණයට පත්වු කාන්තාව විවාහක කාන්තාවක් වන අතර ඇයට එක්දරු මවක් වන බවද පොලිසිය කියයි.
මේ අතර මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී වැස්සෙන් ආවරණය වීම සදහා ගසක් සිටි කාන්තාවක් එම ගස කඩා වැටීමෙන් මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසයි කියයි.
අනතුරෙන් මිය ගොස් ඇත්තේ දුම්මලසූරිය - උඩලවෙල පදිංචිව සිටි නිසංසලා සරෝජනී (අවු:38) නම්වූ එක්දරු මවකි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd