(අජන්ත කුමාර අගලකඩ)
ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බව ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඉල්ලීමක් කරයි.
ජනතාව මුහුණ දී ඇති අර්බුදය හමුවේ පාරට බහින්නට නොහැකි තත්ත්වයක් තමන්ට ද උදා වී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුවේ පසුපෙළ කණ්ඩායමේ මන්ත්‍රී සහ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.
අර්බුදය විසදන වැඩපිළිවෙළක් ආණ්ඩුවේ නායකයන් සහ ආණ්ඩුව රටට ඉදිරිපත් කළ යුතු බවත් ,හොඳ දේට හොඳයි කීම සහ වැරදි දේට වැරදියි කිම පසුපෙළ කණ්ඩායමේ ප්‍රතිපත්තිය බවත් ඔහු කීවේය .
එසේ නැතිව පසුපෙළ සිටින්නේ ආණ්ඩුවට ප්‍රශස්ති කීමට නොවන බව ද හෙතෙම කීවේය.
.ඉන්ධන සහ ගෑස් අර්බුදය හමුවේ රටේ ජන ජීවිතය බරපතළ ලෙස කඩා වැටී ඇතැයි කී මන්ත්‍රීවරයා ජනතාවගෙන් එල්ලවන අපවාදයෙන් බේරීමට ආණ්ඩුවට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර දෙයක් මේ රටට වෙලත් රටේ පාලකයින්ට කිසිම ගානක් නැහැ. මිනිස්සු පත්වෙලා ඉන්න අසරණ තත්වය ගැන කතාකරන අයට සවන්දීලා කුමක් හෝ වැඩපිළිවෙලක් යොදනවා වෙනුවට ඔවුන්ට පහරදීම තමයි කරන්නේ... මම හරි කියන මතයේම තමයි පාලකයින් ඉන්නේ. මේ තමයි හොඳම ක්‍රමය කියලයි හිතන්නේ. බීරි අලින්ට වීණා වයනවා වගේ වැඩක් වෙලා තියෙන්නේ. අපි කාටද කියන්නේ... මහනායකහිමිවරුනි, ඇයි නිහඬ මේ වෙලාවේ. මේ වෙලාවේ තමයි ඔබවහන්සේලගේ අනුශාසනා අවශ්‍යම වෙලාව රටට. මේ අසරණ මිනිස්සුන්ගේ දුක ඔබවහන්සේලාටවත් පෙනෙන්නේ නැද්ද? අපි අන්ත අසරණයි අපේ හාමුදුරුවනේ...
වැඩේ චාමරලාටත් පාර වැදිලා වගේ...
යහපාලනයෙන් පහර කන කොට ඒකෙන් බේරෙන්න රාජපක්ෂ ගෙනාවා. ඒ ප්‍රශ්නය ඉවරයි. ජනතාවට හෙන ගැහුවත් දැන් මොකෝ...!