
( රංජිත් රාජපක්ෂ )
ලිට්‍රෝ ගෑස් සමාගම හැටන් ප්‍රදේශයේ සිය අලෙවි නියෝජිතයන්ට අද (19) නිකුත් කරන ලද සිමිත ගැස් ප්‍රමාණය ටොකන් ක්‍රමයට බෙදා හැරිමේදි අලෙවි නියෝජිතයන් සහ ගෑස් ලබා ගැනිමට පැමිණි පාරිභෝගිකයන් අතර දැඩි උණුසුම් තත්ත්වයක් ඇති විය.
ගෑස් ලබා ගැනිම සදහා පාරිභෝගිකයන් අද (19) දින අලුයම සිට ගෑස් අලෙවි නියෝජිත වෙලදසැළ ඉදිරිපිට රැදි සිටියද ඇතැම් පාරිභෝගිකයන්ට ගෑස් නොලැබිම හේතුවෙන් මෙසේ උණුසුම් තත්ත්වය ඇති විය.
පාරිභෝගිකයන් චෝදනා කර සිටියේ ගෑස් අලෙවි නියෝජිතයන්ට හිතවත් අයට පමණක් සමාගම විසින් නිකුත් කරන ලද ගැස් බෙදා හරින බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd