
(සී. එම්. ආරියපාල)
නොච්චියාගම රන්කෙත්ගම අක්කර බාගයක ඵල නෙළමින් තිබූ මාළු මිරිස් වගාවකට කිසිම් පිරිසක් වල් නාශක ඉස විනාශකර කර ඇතැයි එම ගොවියා කියයි.
මෙලෙස වගා බිම විනාශකර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහලින් පිහිටි ඉඩමක මිරිස් කොටුවකටය.
මෙම මාලු මිරිස් වගා කළ ගොවි මහතා මෙවර යල් කන්නයේදි රුපියල් ලක්ෂ 06 ක් පමණ වැය කොට මෙම මාලු මිරිස් වගාව ආරම්බ කළ බව පවසයි.
මෙම වගාවෙන් පලමු අස්වැන්න ඉකුත්දා මාලු මිරිස් කිලෝ 500 පමණ ලබා ගත් බව ගොවි මහතා පවසයි.
අනික් මුරයට අස්වැන්න ලබාගැනීමට ආසන්නව තිබියදි කිසියම් පුද්ගලයන් කීපදෙනකු පැමිණ හතර වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා පවසයි.් මෙහි රාත්‍රි කාලයේ කිසිවකු නොසිටන බවද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත්වල ඇති කුහකකම ඉවරයි. ක්‍රොදය, ඊශ්‍යාව කොපමනද කියල කරලතියෙන ක්‍රියාවෙන් පෙනෙනව.
එජාපය පොහොට්ටු ගතවීමේ විපාක කියලා තමයි කියන්න පුළුවන්... ජනාධිපති පොහොට්ටුවෝ කියන ආකාරයට කටයුතු කරනවා... කොපමණ වරදක් කළත් දඬුවම් නැහැ...
ඉස්සර ගම්වල ජීවත්වෙන්නේ හොඳ මිනිස්සු කියලා හිතුවට, සත්‍ය නම් අද ගම්වල ජීවත්වන තරුණ පරම්පරාවෙන් 50% ක් ගංජා අයිස් වැනි මත්ද්‍රව්‍ය ගන්න අධ්‍යාපනයෙන් අඩු පිරිසක් බව කණගාටුවෙන් වුවත් පවසන්න ඕනේ... අද නාගරික තරුණ පරම්පරාව විනය අතින් ඉතා ඉදිරියෙන් සිටින බව පෙනේ...
වරදට ක්ෂණික දඬුවම් අපේරටේ නැත. මේ එහි ප්‍රතිපලයකි. මගේ ගෙදර කිසිවකු නැති අවස්ථාවක යාබද ගෙදර අය මගේ වහළයේ උළු පවා ඉවත්කර කුමේර වලට හා බිත්තිවලට අලාබ හානි සිදුකර අනවශ්‍ය ගොඩනැගිලක් ඉදිකර තිබුණි. පොලිසියේ සහ උසාවියේ තහනම් නියෝගයද මඟ හැර තිබුනේ තමනට වඩා ඉහලින් කිසිවකු නැති අයුරිනි. විස්තරය කෙටියෙන්: බිත්ති ඉරි තලා වහළයෙන් වැස්සට තෙමෙන තත්වයක නඩු මඟට බැස්ස ද නඩුවට දැන් අවුරුදු 20 කටත් වැඩිය. විසඳුමක් තවමත් නැත. සමාදාන වීමේ යෝජනාවක් උසාවිය පැත්තෙන් ඇසේ. අපේ රටේ නඩු අහන්නෙ මෙහෙමයි.වැරදි කරන්නන් ජය ගනී.
වැඩේ නම් වැරදියි .හැබැයි එහෙම කලේ මොකටද කියලා තව අපි නොදන්නා කතන්දරේකුත් ඇති
ඕවට දඬුවම් ස්වභාවධර්මය විසින් ලබාදෙනවා... මෙහෙමත් කුහක මිනිස්සු. ඉරිසියාවක මහත.