(සී. එම්. ආරියපාල)
නොච්චියාගම රන්කෙත්ගම අක්කර බාගයක ඵල නෙළමින් තිබූ මාළු මිරිස් වගාවකට කිසිම් පිරිසක් වල් නාශක ඉස විනාශකර කර ඇතැයි එම ගොවියා කියයි.
මෙලෙස වගා බිම විනාශකර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහලින් පිහිටි ඉඩමක මිරිස් කොටුවකටය.
මෙම මාලු මිරිස් වගා කළ ගොවි මහතා මෙවර යල් කන්නයේදි රුපියල් ලක්ෂ 06 ක් පමණ වැය කොට මෙම මාලු මිරිස් වගාව ආරම්බ කළ බව පවසයි.
මෙම වගාවෙන් පලමු අස්වැන්න ඉකුත්දා මාලු මිරිස් කිලෝ 500 පමණ ලබා ගත් බව ගොවි මහතා පවසයි.
අනික් මුරයට අස්වැන්න ලබාගැනීමට ආසන්නව තිබියදි කිසියම් පුද්ගලයන් කීපදෙනකු පැමිණ හතර වතාවකට වල් නාශක ඉස ඇතැයි ගොවි මහතා පවසයි.් මෙහි රාත්‍රි කාලයේ කිසිවකු නොසිටන බවද පැවසීය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ගොවියාගේ පලිය මිරිස් කොටුවෙන් අරන්
Kule Thursday, 17 August 2023 04:09 PM
සිත්වල ඇති කුහකකම ඉවරයි. ක්‍රොදය, ඊශ්‍යාව කොපමනද කියල කරලතියෙන ක්‍රියාවෙන් පෙනෙනව.
පැරකුම්Thursday, 17 August 2023 10:22 PM
තව ටිකක් හොයල බලන්න වටිනව මොකක් නමුත් සාධාරන හේතුවක් ඇති.
69 Sri 2019 Thursday, 17 August 2023 04:55 PM
එජාපය පොහොට්ටු ගතවීමේ විපාක කියලා තමයි කියන්න පුළුවන්... ජනාධිපති පොහොට්ටුවෝ කියන ආකාරයට කටයුතු කරනවා... කොපමණ වරදක් කළත් දඬුවම් නැහැ...
de silva Thursday, 17 August 2023 05:09 PM
ඉස්සර ගම්වල ජීවත්වෙන්නේ හොඳ මිනිස්සු කියලා හිතුවට, සත්‍ය නම් අද ගම්වල ජීවත්වන තරුණ පරම්පරාවෙන් 50% ක් ගංජා අයිස් වැනි මත්ද්‍රව්‍ය ගන්න අධ්‍යාපනයෙන් අඩු පිරිසක් බව කණගාටුවෙන් වුවත් පවසන්න ඕනේ... අද නාගරික තරුණ පරම්පරාව විනය අතින් ඉතා ඉදිරියෙන් සිටින බව පෙනේ...
රාජේශ් ඛන්නා Friday, 18 August 2023 02:03 AM
වරදට ක්ෂණික දඬුවම් අපේරටේ නැත. මේ එහි ප්‍රතිපලයකි. මගේ ගෙදර කිසිවකු නැති අවස්ථාවක යාබද ගෙදර අය මගේ වහළයේ උළු පවා ඉවත්කර කුමේර වලට හා බිත්තිවලට අලාබ හානි සිදුකර අනවශ්‍ය ගොඩනැගිලක් ඉදිකර තිබුණි. පොලිසියේ සහ උසාවියේ තහනම් නියෝගයද මඟ හැර තිබුනේ තමනට වඩා ඉහලින් කිසිවකු නැති අයුරිනි. විස්තරය කෙටියෙන්: බිත්ති ඉරි තලා වහළයෙන් වැස්සට තෙමෙන තත්වයක නඩු මඟට බැස්ස ද නඩුවට දැන් අවුරුදු 20 කටත් වැඩිය. විසඳුමක් තවමත් නැත. සමාදාන වීමේ යෝජනාවක් උසාවිය පැත්තෙන් ඇසේ. අපේ රටේ නඩු අහන්නෙ මෙහෙමයි.වැරදි කරන්නන් ජය ගනී.
Perera Friday, 18 August 2023 08:03 AM
වැඩේ නම් වැරදියි .හැබැයි එහෙම කලේ මොකටද කියලා තව අපි නොදන්නා කතන්දරේකුත් ඇති
ගුණදාස Friday, 18 August 2023 08:08 AM
ඕවට දඬුවම් ස්වභාවධර්මය විසින් ලබාදෙනවා... මෙහෙමත් කුහක මිනිස්සු. ඉරිසියාවක මහත.