
(අංජුල මහික වීරරත්න)
ගොවියා රකිනවා කියූ වත්මන් රජය අද ගෝඨාභය මඟ අනුව යමින් ලොකු ලූණු මනින්නත් පටන් අරන් තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
දිගින් දිගටම ලොකු ලූනු ගොවියා මුහුණ දෙන ප්‍රශ්න ගැටලු ගැන වත්මන් රජයට කරුණු ඉදිරිපත් කළත් අද වන විට කිසිදු ප්‍රායෝගිකත්වයකින් තොරව ලොකු ලූණු මිල දී ගැනීමට රජය අමුතුම කොන්දේසි පනවා ඇති බව විපක්ෂ නායකවරයා කීය.
රජය මිලදී ගන්නා ලොකු ලූනු කිලෝවකට ගෙඩි 8ක් තිබිය යුතු යැයි අනිවාර්ය කර ඇති බව කී විපක්ෂ නායකවරයා එම එක් ගෙඩියක් ග්‍රෑම් 125ක් ලෙස සහ ලොකු ලූනු ගෙඩියක විශ්කම්භයත් රජය කොන්දේසියක් ලෙස ඉදිරිපත් කර ඇති බව සඳහන් කළේය.
රජය ඉදිරිපත් කර ඇති මේ කොන්දේසි දකින විට මතක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේ පොල් ගෙඩියක වට ප්‍රමාණය අනුව මිල නියම කළ ආකාරය බව විපක්ෂ නායකවරයා කීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බව කියා සිටියේ වත්මන් රජය විසින් ලොකු ලූනු මිල දී ගැනීමේ දී දමා ඇති කොන්දේසි සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කරමිනි.
COMMENTS
පොල් විකුණුවේ ගෙඩියක මිල අනුව නිසා පොල් ගෙඩියක ප්‍රමාණය අනුව ගෙඩියේ මිල නියම කිරීම සාධාරණයි. ඒ වුණාට ළූණු විකුණන්නේ බර අනුව නිසා ගෙඩියේ වට ප්‍රමාණය ප්‍රශ්නයක් විය යුතු නෑ කියලයි මට හිතෙන්නේ. අනික් එක විශාල ප්‍රමාණයේ ළූණු පිරිමැස්මක් නෑ. ටිකක් පොඩි ඒවා පිරිමහන්න පුළුවන්. අනික් අතට ලොකු ළූණු විතරක් විකුණන්න පුළුවන් නම් ඊට වඩා පොඩි ප්‍රමාණයේ ළූණු ගෙඩිවලට මොකද වෙන්නේ. ඒවා විකුණන්නේ මොනවා කියලාද?
ගොවියා රකින්න ආ ආණ්ඩුව ඒ වැඩේ අතෑරියේ ඔබතුමා ආණ්ඩුව රකින ලයින් එකකට පීල්ල මාරු කරලා වෙන්න බැරිද?
මෙලෝ හසරක් නොදන්නා ඔයාට ඉතිං පාන්ද?
මේ මනුස්සයා දන්නේ නැද්ද... මේ ප්‍රමිතිය දාලා තියෙන්නේ බීජ ළූණු වලට කියලා... කන්න ගන්න නෙවෙයි කියලා.
සජිත්ගෙ නෝන ලූනු ගේන්න කඩේ ගියාම ලොකු ළූණු නොගෙන පොඩි ඒවා තෝරලා ගන්නවාද? නැත්නම් මේකේ වැලලෙන අය එහෙම වෙනවාද, වැඩි මිල දීලා ගන්නවාද? සතොස කරන්නේ ව්‍යාපාරයක්..., අළෙවි භාණ්ඩයකට ප්‍රමිතියක් ඕනෑ, අම්මගේ අප්පාගේ බූදලය නොවෙයි සතොසේ හිටපු අය කළා වගේ, පාරිභෝගිකයින් ගැන පළමුව සිතිය යුතුයි...
සජිත්ගෙ ටිකිරි මොලය මැන ගැනීමට ඔබට නැවත වරක් අවස්ථාවක්. භාණ්ඩයක ප්‍රමිතිය නොමැති නම් පාරිභෝගිකයන් ඒවා මිලයට නොගනු ඇත. සජිත්ට මේ සත්‍ය වටහා දෙන්න.
ලාමක ටින්ටින් උබලා කෙරුවා වගේ . කිසි වැඩකට නැති දේවලට. ගුන් අගුන බලන්නෙ න්ෂ්තිව මේ ආන්ඩුව නිකරුනේ. මුදල් වියදම් කරන්නෙ නැහැ. උබලා ගේ කාලේ. ගොවියන්ගේ සහන. ගොබ්බයොත් ලබා ගත්තා. දුප්පත්තුන්ට දෙන සහනාදාර ඒවා. මහඑකත් අර ගත්තා ඒවගෙ අස්කිකිත වැඩ මේ ආන්ඩුවෙ නැහැ. හැමදේම හොයලා බලලා වේලාවට කරයි. තමුන්ට ඔය තරම් දුකනම්. මනින්නෙ කිරන්නෙ නැතිව. දැන් පොඩි චන්දයක් එනවානේ. වැඩිපුර මුදල් ගෙවලා හොරාකාපුවා මිලදි අරන් කට්ටියට බෙදන්න.
මේ ගොන් තඩියෙක් එච්චරයි කෙටියෙන්
හරි කනගාටුයි මේ මනුස්සය හැසිරෙන විදිය කතා කරන දේවල් දකින කොට
පක්ෂයවත් හරියට කරගෙන යන්න බැරි තමුන් ගැන කවර කතාද?
තවත් කෙනෙක්...
ඒවා වෙනස්, මේවා වෙනස්