(ටී.කේ.ජී.කපිල )
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු අද(11 ) කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
54 හැවිරිදි මොහු , මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය .
යානයේ ගමන් ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමෙරිකානු කතෝලික පූජකවරයකු , ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇයට පරිත්‍යාග කිරිමට මෙම ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල රැගෙන විත් තිබේ .
මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසු , මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල , මෙම චීන ජාතිකයා විසින් සොරා ගෙන තිබේ .
මේ බැව් ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ගුවනේදී මුදල් සොරකම් කළ විදේශිකයා අත්අඩංගුවට