
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලියක සඟවා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ගුවන් මගින් රෙදිපිළි , දුරකථන අමතර කොටස් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .
ඔහු සිය ගමන් මලු තබා ගෙන යන ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයෙහි සෙලෝ ටේප් යොදා මෙම මාළ දෙක අලවා සගවා , ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කර තිබේ .
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන්තොටින් මාල පන්නන්න හැදූ ඉන්දියානුවා අත්අඩංගුවට
ravin Thursday, 09 May 2024 03:13 PM
මේ රත්තරන් ඇල්ලුවේ කවුද? ආරක්ෂක අංශ? රේගුව? බයවෙන්න දෙයක් නෑ. තව ටික දවසක් ගියාම ඒකත් ඉන්දියානු සමාගමකට දෙයි. එතකොට ඒ වැඩෙත් අහවරයිනේ.