
(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක් පමණ වටිනා ග්‍රෑම් 75 ක් පමණ බරැති රන් මාළ දෙකක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ ප්‍රවාහනය සදහා භාවිතා කරන ට්‍රොලියක සඟවා නීතිවිරෝධී ලෙස කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාමට තැත් කළ ඉන්දීය ජාතිකයෙකු අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු තමිල්නාඩු ප්‍රාන්තයේ ට්‍රිචි හි වාසය කරන 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ගුවන් මගින් රෙදිපිළි , දුරකථන අමතර කොටස් මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ ව්‍යාපාරයක ද නිරත වී සිටින්නෙකි .
ඔහු සිය ගමන් මලු තබා ගෙන යන ගුවන් තොටුපොළ ට්‍රොලි කරත්තයෙහි සෙලෝ ටේප් යොදා මෙම මාළ දෙක අලවා සගවා , ගෙන ගුවන් තොටුපොළෙන් පිටතට යාමට උත්සාහ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රත්තරන් ඇල්ලුවේ කවුද? ආරක්ෂක අංශ? රේගුව? බයවෙන්න දෙයක් නෑ. තව ටික දවසක් ගියාම ඒකත් ඉන්දියානු සමාගමකට දෙයි. එතකොට ඒ වැඩෙත් අහවරයිනේ.