IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ගුවන්තොටේ සිට සුඛෝපභෝගී සීඝ්‍රගාමී බස් සේවාවක්

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකා ගුවන් සේවා ඉතිහාසයේ මෙතෙක් පැවති විශාලතම ගැටළුවකට විසදුමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ  සිට කොළඹ , කොටුව ප්‍රධාන දුම්රිය ස්ථානය සහ මා කුඹුර බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය කරා නව සුඛෝපභෝගී බස් රථ සේවාවක් (Air Port Terminal Shuttle Service ) අද(15) ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ මහතා විසින් කටුනායක ගුවන් තොටුපොළෙන් ආරම්භ කළේය .

මෙතෙක් ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණෙන විදේශීය සංචාරකයන් මෙරට තුළ සංචාරය සදහා ප්‍රවාහන සේවා ආයතනයක පහසුකම් ලබා නොගන්නේ නම් ඔවුන් සිය බඩුබාහිරාදිය සමග ගුවන් තොටුපොළේ සිට කිලෝ මීටර් 02 ක් පමණ දුරින් පිහිටි ඇවරිවත්ත බස් නැවතුම් පොළ කරා ගමන් කළ යුතුව තිබුණි .

මෙම නව බස් සේවාව සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම , ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශය , පෞද්ගලික බස් රථ  සමාගමක් ඒකාබද්ධ වී සංවිධානය කර ඇති අතර , ගුවන් තොටුපොළෙන් පිටත් වන මෙම බස් රථ කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ , අතරමැද නැවැත්වීමකින් තොරව සිය ගමනාන්තය කරා පිවිසෙන ආකාරයට මෙම බස් රථ ගමනාගමනය සූදානම් කර තිබේ .

මෙම නව බස් රථ සේවාව සදහා සුඛෝපභෝගී විශාල ප්‍රමාණයේ බස් රථ 10 ක් යොදවා ඇති අතර , එක් ගමන් වාරයක් සදහා රුපියල් 3,000 ක මුදලක් එක් මගියෙකුගෙන් අය කිරීම ද සිදු වේ.

 

 



අදහස් (8)

ගුවන්තොටේ සිට සුඛෝපභෝගී සීඝ්‍රගාමී බස් සේවාවක්

Raman Thursday, 15 August 2024 02:59 PM

අන්න හොඳ දෙයක්. ඒ වගේම රාත්‍රී කාලයේ ලංකාවට එන සංචාරකයන් සහ අපේම අයට තවත් ආරක්ෂාව ඇතුව කොටුවෙන් සහ මාකුඹුරෙන් එහාට යන්නත් වැඩ පිළිවෙලක් දියත් කරන්න. සංචාරක රියැදුරන් පව් . නමුත් ඒ හැම එක්කෙනාම විශ්වාස කරන්න අමාරුයි වගේම ගානත් සැරයි.

:       0       96

Jayantha Thursday, 15 August 2024 03:27 PM

2010 ඡන්ද තියන්න මාසයකට කලින් පුල්මුඩේ මිහින්තලය හරහා කොළබ CTB බස් එකක් පටන් ගත්තා. ඡන්දය ඉවර වෙලා මාසයයි තිබ්බේ. බස් එක නතර කලා.

:       4       51

Nandalal DE SILVA - FranceFriday, 16 August 2024 12:40 AM

ඒ ඉතින් පළාතේ චන්ද දායකයන්ගෙන් යහපත් ප්‍රතිචාරයක් අපේක්ෂකයන්ට නොලැබුණු නිසා නේ .ඕවට අපේ පළාතේ නම් කියන්නේ "චන්ද ගුණ්ඩු " කියලා

:       0       1

Ruwan Thursday, 15 August 2024 04:32 PM

ඉතින් රුපියල් 3000 දීලා බස් එකේ යන්න ඕනෑකමක් නෑනේ කාටවත් ඒ ගාණටම හරි ඊට වැඩිය පොඩි මුදලක් වැඩියෙන් ගෙවලා ඌබර් ටැක්සි එකක ආරක්ෂිතව සුවපහසුව යන්න පුළුවන් කමක් තියෙද්දී..! 

:       0       0

Saman Thursday, 15 August 2024 09:03 PM

ඕක රුපියල් 1000-1500 වගේ ගාණකට දුන්නා නම් හරි. 3000ක් වැඩියි.

:       0       0

Rata Perata Thursday, 15 August 2024 09:40 PM

පුද්ගලික සමාගමේ නම රහසක්ද?

:       1       0

sam Friday, 16 August 2024 06:44 AM

සතියක් දෙකක් යනකොට හොරෙන්ම ඕකත් අතයට ගනුදෙනුවකට කොමිස් ගන්න ඉන්දියාවට දෙයි . ඒක අහන්න දෙයක් නැහැ .දැක්කනේ වීසා . දැනටම කවුරු හරි ඇමතියෙක් මේකට කෙල හලාගෙන ඇති

:       2       0

Kumudinie galabada Friday, 16 August 2024 10:36 AM

මේක සංචාරකයන්ට විතරද . පිටරටවල වැඩ කරලා ලංකාවට එන අයට යන්න බැරිද ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1099 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site