IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධරයෙක් පත්කරයි

 

(අංජුල මහික වීරරත්න)

වගා කටයුතු සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සම්බන්ධීකරණයට කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් නිලධාරියෙක් පත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමේ අරමුණෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරියෙක් මෙි සඳහා පත්කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  අමාත්‍යාංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දී ඇත.

මෙවර යල කන්නයේදී වී අස්වනු නෙලීම සඳහා ප්‍රමාණවත් හා විධිමත් පරිදි  ඉන්ධන නොලැබෙන බවට ගොවීන්ගෙන් ලැබුණ පැමිණිලි සළකා බලා මෙම පියවර ගෙන තිබෙි.

දැනට ගණන් බලා ඇති ආකාරයට මෙවර යල කන්නයේ වී අස්වනු නෙලීම ස‍ඳහා අඩුතරමින් ඉන්ධන බවුසර් 3020 ක ඉන්ධන ප්‍රමාණයක් අවශ්‍ය වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

මෙවර යල කන්නයේ වගා කර ඇති හෙක්ටයාර් 512,000 ක වී අස්වනු  සැප්තැම්බර් 30 වනවිට නෙලා අවසන් වීමට නියමිත බැවින් මෙම ඉන්ධන ප්‍රමාණය එම දිනය වන විට සපයා අවසන් කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

 



අදහස් (0)

ගොවීන්ට තෙල් දෙන්න අලුත් නිලධරයෙක් පත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 95 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 862 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site