IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි

(ගයාන් සූරියආරච්චි)

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලබන කොළඹ ගුවන් සංදර්ශනය සහ තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශන ලබන මැයි මස 29 වැනිදා සිට ජූනි 2 දක්වා දින පහක් පෙරවරු 9.00 සිට රාත්‍රී 12 දක්වා ගාලු මුවදොර පෝට් සිටි නගරයේ පැවැත්වීමට නියමිතය.

‘කලම්බු එයර් ෂෝ ඇන්ඩ් ඩිෆෙන්ස් එක්ෂිබිෂන් 2024‘ නමින් එම ප්‍රදර්ශනය සංවිධානය කෙරන අතර ‘අනාගතයට කෙසේ පියනඟන්නේද?‘ යන් තේමා කරගනිමින් එම ප්‍රදර්ශනය පැවැත්වෙන් අතර  ඒ පිළිබදව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ ගුවන් හමුදා මූලස්ථානයේදී අද (10)  පැවැත්විණි.

ඒ පිළිබදව අදහස් දක්වමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා මෙසේ අදහස් පළකළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙතෙක් පවත්වන ලද ප්‍රදර්ශනවලට සමාගාමීව මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ ප්‍රථම වතාවටයි. ගුවන් තාක්ෂණය උපයෝගී කරගෙන ගුවන් හමුදාවක් ලෙස ඉදිරි අනාගතය ජයගත හැක්කේ කෙසේද?. යනන් පිළිබදව අපි මූලිකව මෙම ප්‍රදර්ශනය මගින් පෙන්වාදීමට සූදානම් වෙනවා.

ඒ අනුව අන්තර්ජාතික වශයෙන් ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, චීනය වැනි රටවල ගුවන් භටයන්ට ඔවුන්ගේ හැකියා ප්‍රදර්ශනය කිරීමටත් අපි ඔවුන්ට ආරාධනා කර තිබෙනවා. මේවනවිට ඩ්‍රෝන තාක්ෂණය, රේසර් තාක්ෂණයට පිවිස තිබෙනවා. මෙම ප්‍රදර්ශනය තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමටත් අපි බලාපොරාත්තුව වෙනවා.

දැනටමත් ලංකාව සමග කටයුතු කරනු ලබන අන්තර්ජාතික සමාගම් සමූහයක් අපට සහයෝගය ලබාදීමට අපට කැමැත්ත පළකර තියෙනවා. එමෙන්ම අප අතර සිටින දක්ෂතා ඇති තරුණයන්ට ගුවන් හමුදාවට එකතුවීමට අවස්ථාව එදින ලබාදීමට කටයුතු කරනවා.  ප්‍රදර්ශනය පැවැත්වෙන දින පහේම උදේ 9.30 සිට 10.30 දක්වා ගුවන්  හමුදාව සහ ශ්‍රීලන්කන් ගුවන් සමගාම ඇතුළු සියලුම දේශීය ගුවන් සමාගම් සම්බන්ධ කරගෙන ගුවන් සංදර්ශන ඉදිරිපත් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව ජාතික සහ අන්තර්ජාතික සංචාරකයන්ට ගුවන් පැරෂුට් පැනීම, හෙලිකොප්ටර් චාරිකා, සංගීත සංදර්ශන, පැෂන් ෂෝ, ඩ්‍රෝන යාත්‍රා සංදර්ශන, ගේම් ෂෝ, ලේසර් ප්‍රදර්ශන ඇතුළුව නවමු අත්දැකීමක් ලබාදීමට මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන බවය.

මෙම අවස්ථාවට ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ ගෘෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ, ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී  එයාර් වයිස් මාර් ෂල් සම්පත් වික්‍රමරත්න, ගුවන් සංදර්ශන හා තාක්ෂණික වෙළෙද ප්‍රදර්ශනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ගුවන් කොමදෝරු අසේල ජයසේකර යන මහත්වරු ඇතුළු ගුවන් භට පිරිසක් සහභාගිවූහ.

 



අදහස් (2)

ගුවන් හමුදාව ප්‍රදර්ශනයකට සැරසෙයි

බද්රානි Wednesday, 10 April 2024 04:18 PM

මොනවා නැතත්, පුහු සංදර්ශන වලින් නම් අඩුවල් නැහැනේ... මේ සිරි ලංකාවේ... අපි දන්නා විදිහට සංචාරය කියන්නේ ස්වභාව සෞන්දර්යය විඳීම මිස, ගුවන් සංදර්ශන නැරඹීම නොවෙයි... ලංකාවේ මිනිස්සුන්ට තියෙන්නේ අමුතුම ගායවලනේ...ඉතින් ලෝකේ මිනිස්සුත් ඔවුන් වගේ කියලනේ හිතාගෙන ඉන්නේ... එක්තරා පැලැන්තියකට පමණක් භුක්ති විඳින්න පුළුවන් පරිසරයක්නේ. ලංකාවේ පාලකයෝ නිර්මාණය කරන්න දන්නෙත්... ලන්කාවේ බහුතර ජනතාවත් සුරංගනා ලෝකවල මනෝ විකාරයෙන්නේ ජීවත් වෙන්නේ... අන්න එහෙම පිරිසක් නම් ඔය වැනි විගඩම් වලින් කුල්මත් වෙයි... සංචාරකයින්ට නිදහසේ සංචාරය කිරීමට සුදුසු පරිසරයක්, මෙන්ම සැප පහසු, කාර්යක්ෂම පොදු ප්‍රවාහන පත්ධතියකුයි සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් බිහිකළ යුත්තේ...

:       73       10

chandima Wednesday, 10 April 2024 06:35 PM

වියදම දරන්නේ වැට් බදු සල්ලිවලින්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 386 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site