IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ගුවන් හමුදාව දහඅටදාහට බස්සයි

(ගයාන් සූරියආරච්චි)

ගුවන් හමුදාවට අනුයුක්තව සේවය කරන 35,000 ක ගුවන් භට පිරිස 2030 වන විට 18,000 කට පමණ අඩුකිරීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා අද (10) පැවැසීය.

අඩු කරනු ලබන ගුවන් භට පිරිස් වෙනුවට නවීන තාක්ෂණය උපයෝගී කරගැනීමට බලාපොරොත්තු වන බව ද ගුවන් හමුදාපතිවරයා පැවැසීය.

ගුවන් හමුදාපතිවරයා ඒ බව පැවැසූවේ ඊයේ (10) අකුරගොඩ ගුවන් හමුදා මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ ගුවන් හමුදාපතිවරයා මෙසේ ද පැවැසීය.

අපි දැනටමත් ගුවන් භට පිරිස් අවම කිරීමේ කාර්ය සිදුකරන අතර ඊට සමාගාමීව නවීන තාක්ෂණය උපයෝගී කර ගැනීම සදහා විශේෂ අධ්‍යයනවල නියැලෙනවා. තාක්ෂණය කාලයෙන් කාලයට වෙනස්වන විට එහි ඇති මිල ගණන් ද අඩුවෙනවා.

සී.සී.ටී.වී යනු අපට අලුත් දෙයක් නෙවෙයි. එවැනි තාක්ෂණයක් යොදාගෙන අපට ගුවන් භට පිරිස් යම්තාක් දුරට අඩු කිරීමට හැකියාව තියෙනවා. උදාහරණයක් ලෙස කිලෝමීටර් ගණනක් දුරට ආරක්ෂාව ලබාදීම සදහා විශාල භට පිරිසක් යෙදවීමට අපට සිදුවෙනවා. එහෙත් අපි අධි තාක්ෂණික කැමරා තාක්ෂණය යොදාගත හොත් අපට එම භට පිරිස් සංඛ්‍යාව අඩු කර ගැනීමට හැකියාව තියෙනවා.

 



අදහස් (7)

ගුවන් හමුදාව දහඅටදාහට බස්සයි

chandima Wednesday, 10 April 2024 10:59 PM

අපට මොන ගුවන් හමුදාද? ඉන්දියාවට කියන්න ඉඩම බලාගන්න කියලා. හදිස්සියකට ලෙඩෙක් එහාට මෙහාට ගෙනියන්න, හදිසි ආපදාවකදී කෑම ටික, සහනාධාර ටිකක් බෙදන්න... හෙළි කොප්ටරයක් තිබුණාම හොඳටම ඇති. තව ඕනෑ නම් කරානම් පොඩි ප්ලේන් එකකුත් තිබුණාවේ...

:       0       0

AKS aththanagoda Thursday, 11 April 2024 06:32 AM

2030 වෙනකම් බලාගෙන ඉන්න එපා ඉතා ඉක්මනින්ම වැඩේ කරන්න. ඔබ දන්නෙ නෑ ,ගුවන් හමුදාපති තුමනි කිසිම වැඩකට නැති අංශ තියෙනවා, ගුවන් හමුදාව තුළ කිසිම වැඩකට නැති පාඨමාලා සිදුකරනවා. ඒවා හොයලා බලන්න .ආරක්ෂක විදුලි පහන් දැල්වීම රෑට පමණක් කරන්න.

:       0       0

Lelwala Thursday, 11 April 2024 05:00 PM

එතකොට ගුවන් හමුදාවේ බට පිරිස අඩුවෙන විට ගුවන්පති කමට මොකද වෙන්නෙ. තරු අඩුවෙන්න ඕන.

:       0       0

Pradeep Thursday, 11 April 2024 09:32 PM

තාක්ෂණය...

:       0       0

KALPAGE lasantha Thursday, 11 April 2024 10:51 PM

හොඳ අදහසක්

:       0       0

Rasi Friday, 12 April 2024 06:34 AM

කාලෝචිත ක්‍රියාවක්. නවීන ලෝකයේ, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාව අත්‍යාවශ්‍ය දෙයක්වේ. මේ නුවන අනෙක් රාජ්‍ය ආයතන වලටද ක්‍රියාත්මක කර, රාජ්‍ය සේවක සංඛ්‍යාව විශාල ලෙස අඩුකළ හැකි නම්, රාජ්‍ය ආදායමෙන් විශාල මුදලක් ඉතිරි කරගනු හැකිවනු ඇත. එවිට බදු මුදල් සංවර්දන වැඩවලට, යොදාගත හැකිවේ.

:       0       0

Priyantha bandara Friday, 12 April 2024 11:34 AM

ගුවන් හමුදාවේ සේවයකල පුද්ගලයෙක් වශයෙන් හා ගුවන් හමුදා සේවය පිලිබද අවබෝධයක් සහිත පුද්ගලයෙක් වශයෙන් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ගුවන් හමුදාපතිවරයා කුමක් පැවසුවද වඩාත් ගුණාත්මක සහ එලදායි සේවයක් ඉටුකිරිම සදහා දැනට සිටින පිරිසද පුමානවත් නොවන පසුබිමක අඩකින් භටපිරිස් අඩුතිරිම මගින් ගුවන් හමුදාවේ තත්ත්වය පහල වැටෙනු නියතය ගුවන් භටයින්ට නිසියාකාරව කෑමටිකවත් ලබාදිමට නොහැකි පසුබිමක අධිතාකෂණික උපකරණ සම්බන්ධයෙන් ගුවන් හමුදාපතිවරයා පවසන හිතලු හුදුු යථාර්ථයක් නොවන්නකි

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සිලෝන් ටී” නමට නොසලකන හාම්පුතුන් ගැන ලැජ්ජයි
2024 මැයි මස 03 23 0

“සිලෝන් ටී” නාමය රැක ගනිමින් මෙරට ජාතික ආර්ථිකයට ඉහළ දායකත්වයක් ලබා දෙන වතු කම්කරුවන්ට වැටුප් වැඩි වීමක් ලබා දීමට රජයට මෙන්ම වතු හාම්පුතුන්ගේ සංගමයට


කැකිරාවේ කිරි සමාගමකට සීල් තබයි
2024 මැයි මස 03 206 0

මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් නිෂ්පාදන කටයුතු පවත්වාගෙන ගිය මරදන්කඩවල කිරි ආශ්‍රිත නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා එම කර්


වෛද්‍ය සිසුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර
2024 මැයි මස 03 173 0

විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් ජල ප්‍රහාර එල්ල කර තිබේ.


වීසා අංශය අවුල් කළාද: රජයෙන් පරීක්ෂණයක්
2024 මැයි මස 03 560 4

කටුනායක ගුවන්තොටුපොළේ වීසා නිකුත් කිරීමේ කටයුතු විදේශීය පෞද්ගලික සමාගම භාරගත් අවස්ථාවේදී යම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් සිදුවූයේදැයි සොයා බැලීමට ප


හැඳුනුම්පත නැතිව ගිය අගමැති ඡන්ද පොළෙන් පන්නයි
2024 මැයි මස 03 675 2

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණි බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට පිළිගත හැකි ඡායාරූපය සහිත හැඳුනුම්


කොත්තු - රයිස් මිල අඩු කරයි
2024 මැයි මස 03 350 1

ගෑස් මිල පහළ දැමීමට සමගාමීව කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20 කින් අඩුකළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 468 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1900 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1685 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site