(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවස රැඳී සිටින බවට ශ්‍රි ලංකා පොලිසිය දේශපාලනීයකරණයෙන් මුදා ගැනීමේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිවරයා කියා ගන්නා හිටපු පොලිස් නිලධාරියකු සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පලකරන ලද ප්‍රවෘත්තියක් බවට ගුවන් හමුදාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් හිරුණිකාව හොයනවා.... !
මෙයා කියන දේවල් අපි විස්වාස කරන්නෙ නෑ.
ජනතාව ඇයි එයාර් මාෂල් එක්ක තරහා ගන්නේ..? හේතුවක් නෑනෙ... බොරු...
කවුදෝ පිරිසක් තිරිකුනාමලය ගුවන් කඳවුරට අයත් ස්ථානයක රඳවා ගෙන සිටීම, එතැනින් කටුනායකට හෙලිකොප්ටර් දෙකකින් ප්‍රවාහනය කිරීම, මත්තල ගුවන් තොටුපලට ගොඩබෑමට තිබුන මඟීන් 26 දෙනෙකුට ගමන්කළ හැකි පෞද්ගලික ගුවන් යානයක් ගුවන් තොටුපලට මහජනයා කඩා පැනීම නිසා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට හරවා යැවීම වගේ දේවල් "ගුවන් හමුදාවේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහාත්" පලකරන ලද ප්‍රවෘත්ති වෙන්න ඇති නේද මහත්තයෝ. අන්තිමට සඳහන් කල යානය පියාසර කරන ගමන් මාර්ග ජාත්‍යන්තර ගුවන් ගමන් සිතියම්වල පෙන්වන නිසයි ඒගැනත් ඇහුවේ.
මොකද්ද මේ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරට කෙන්යාවෙන් ජෙට් යානයක් එනවා කියන කතාව ?
මොන කීර්ති නාමයද? මෙයාලා තමයි රාජපක්ෂලාට ආරක්ෂාව දෙන්නේ...? ගුවන් හමුදාවෙන් තමයි එහෙට මෙහෙට ඔවුන්ව ගෙනියන්නේ...
හඬපටය නිකුත් කල එකා හොයා ගන්න. ඊට පස්සේ මිනිහා සමග හඬපට පෙනන්න එක්ක යන්න. ඉතුරු හරිය මම කියන්න ඕනෙය
දැන් ඔය බළලා මල්ලෙන් එළියට නෙවෙයි, රටෙනුත් පැනලා ගිහින් තියෙන්නේ...