(අංජුල මහික වීරරත්න)
පසුගිය මහ කන්නයේ දී පොහොර මිල දී ගැනීම සඳහා ගොවි ජනතාවට ලබා දුන් මුදල් වලින් පොහොර මිල දී ගෙන තිබෙන්නේ ගොවීන්ගෙන් සියයට පහක් පමණක් බව හෙළි වී තිබෙි.
2022/23 මහ කන්නයේ දී බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා ආසියා සංවර්ධන බැංකුව විසින් රුපියල් බිලියන අටක මුදලක් රජයට ලබා දුන් අතර එම මුදල් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ගොවි ගිණුම් වලට මුදල් බැර කරනු ලැබීය.
හෙක්ටෙයාර් එකක් සඳහා රුපියල් 10,000ක් බැගින් හා හෙක්ටෙයාර් දෙකක් සඳහා රුපියල් 20,000ක් වශයෙන් ලබා දුන් එම මුදල් වලින් බන්ඩි පොහොර මිල දී ගැනීම සඳහා කටයුතු කර තිබෙන්නේ ගොවීන් සියයට පහක් පමණක් බව අනාවරණය විය.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් බන්ඩි පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආනයනය කළ ද ගොවීන් එයින් මිල දී ගෙන තිබෙන්නේ සමස්ත ප්‍රමාණයෙන් සියයට පහක් පමණක් බව රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පෑවති සාකච්ඡාවක දී පවසා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයේ පරිපාලන දුර්වලතාවය පෙන්වන තවත් උදාහරණයක්... දීමනාව පොහොර සමාගම් වෙත ලබාදී ගොවීන්ට පොහොර නොමිලේ දුන්නා නම් ඇති ගැටලුවක් තිබේ දැයි නොදනිමි...
පොහොර ගත්තොත් පමණක් මුදල් ප්‍රතිපූර්ණය කරන්න. එහෙම නැතුව ඔය මුදල් තොරොම්බල් කාරයෝ අතට පත්වීම නවත්තන්න බෑ...
පොඩි මිනිහාගේ දේ ලොකුකර පෙන්වන්න ඒකකය වෙනස් කර පෙන්වනවා. ගොවියන් ලාස්, පෑල්, බුසල්, අක්කරවලින් තම ඉඩම් මනින්නේ... හෙක්ටයාරයක් යනු අක්. 2.5කි. ඒ අනුව අක්කරයට දී ඇත්තේ රු. 4000කි. ඒකට මුලු කුඹුරටම මෙයා බණ්ඩි පොහොර දෙනවද? මොවුන්ට ඡන්දෙ දුන්නු හිතේ දුකට ගල් බෝතලයයි, බියර් දෙකයි ඇරන් ආණ්ඩුවේ අම්මා මුත්තා යන්න බනින්න ඇති...
225 කට අවුරුදු ගාණක් තිස්සේ වියදම් කරපු සල්ලිත් වතුරේ, එහෙම නේද මහින්ද අමරවීර? ඔහේ සැප වාහනේක ගමන් බිමන් ගියාට ඊට සමාන සේවයක් ඔහේගෙන් රටට වුණාද? ඔහේ රට වෙනුවෙන් ඩොලර් කීයක් උපයලා තියනවද? 0 නේද? ඔහේගේ පාර්ලිමේන්තු වරප්‍රසාද ඔක්කෝම ටික මැද පෙරදිග වළං හෝදන අපේ කාන්තාවකට දුන්නා නම් හොඳයි නේද?