(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රීලංකන් ගුවන් සේවය ඇතුළු ප්‍රධාන ආයතන තුනක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මේ සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
කෝප් කමිටුවට මේ සතියේදි කැදවෙන අනෙක් ආයතන දෙක වන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීන් අද(6)දිනයේද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ ප්‍රධානීන් හෙට (7)දිනයේද ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් අනිද්දා (8)දිනයේද කෝප් කමිටුව හමුවට මෙසේ කැදවෙනු ඇත.
මෙයට අමතරව පාර්ලිමේන්තු කාරක සභා සහ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැසක්ද කෝප් කමිටුව හමුවට මේ සතියෙදි කැඳවීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝප් කමිටුවට කැඳවා වැරදි කළවුන්ට දඬුවම් ලබාදීමක් වැනි කටයුත්තක් සිදු නොවීමෙන් මෙය නිෂ්ඵල ක්‍රියාවක් බව පෙනෙන්නට ඇත. කෝප් කමිටුව පවත්වාගෙන යාමට වැයකරන මුදලත් අපරාධයකි...
තමුන්නාන්සේගේ නමත් තිබුණු බැසිල් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීකම අත්හරින නම් ලැයිස්තුවේ, එතකොට මේවා වැඩක් වෙයිද?