
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.
සමරසිංහ මහතා අද (30) යළිත් එම ධූරයේ වැඩභාරගත්තේය.
ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.
හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.
එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.
2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.
ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.
ලාංකීය ගුවන් විදුලි වංශ කතාවේ පලමු එෆ්.එම් නාලිකාව වන සිටි එෆ්.එම් හි නිර්මාතෘවරයා වන්නේ ද හඩ්සන් සමරසිංහ මහතාය.
ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරණ රෙකෝඩ්ම හැම දාම දැමීමෙන් රට යන අත පැහැදිලියි...
මේ වගේ මිනිස්සු පත් කරන්නේ ඇත්තටම මේ රටේ මෙවැනි තනතුරු දරන්න මිනිස්සු නැති නිසාද?
නියමයි. දැන් තමා මේ ගොල්ලෝ හරි පාරට වැටුනේ. ඉතිහාසය යලි සිදුවෙමින් පවතී. ඊළඟ කොටස මීට වඩා රසවත්...
ලංකාවේ කොල්ලෝ නැද්ද?
ආයෙත් වතාවක් වෙළඳ දැන්වීම් වලින් කටහඬ එහෙම අහගන්න පුළුවන් වෙයි නේද. වෙන කිසි දෙයක් වෙනස් වෙයි කියලනම් හිතන්න අමාරුයි.
ප්‍රේමකීර්ති නමැති අති දක්ෂ කලාකරුවා හඩ්සන්ට සිහිනෙන් නිතරම පෙනෙනවා විය හැකිය... වැඩක්ම නැත.
අර වියත්මගේ වියතුන්ට දැන් සැපද ? ඇත්තටම ඒ "වියතුන්" කියපු කට්ටිය දැන් කියන කරනදේ ගැන කලපනා කරනකොට ඒ සමහරක් දෙනා වියත්තු උනේ කොහොමද කියලත් ප්‍රශ්න කරන්න හිතෙනවා. මතකනේ අර "ඇමෙරිකාවට රට විකුනනවෝ" කිය කිය නහයෙන් අඬපු නෝනා.
රටම දියුණු කරයි වගේ පෙන්නේ
හොදටම කරගෙන යනවා සර්
අපායට යන්න තව ටික කාලයයිනේ. ඔන්න ඔහේ හිටපුවාවේ.. ආයේ කල්පෙකට මනුස්ස ලෝකේ ඉපදෙන්න බැහැ...
ඇත්තටම අපේ ජනාධිපතිතුමාට මොකක්ද මේ වෙලා තියෙන්නේ?
මේ වගේ මිනිස්සු තනතුරුවලට පත් කරන්න තරම් අපේ රට බංකොළොත්ද? රටක අවාසනාව....
මතකද මහින්ද මහත්තයා කාලේ මෙයා වැදගතුන්ට උගතුන්ට ගුවන්විදුලියෙන් උදේ හතේ ඉඳන් පැයක් අපහාස උපහාස කළා මහින්දගේ ප්‍රතිරූපය හදන්න. ඒ වැඩසටහනේ නම් මතක නැහැ... අප්‍රිය ජනක මේ අය ලවා කරන්න හදන්නේ ඒකම වෙන්න ඕනෑ. කවුරුහරි මෝඩ උපදේශකයකුගේ යෝජනාවක් වෙන්න ඕනෑ... ඉතිහාසය නැවත සිදු වෙනවා. විටෙක නාඩගමක් ලෙස සහ ඛේදවාචකයක් ලෙස මේ වෙන්නේ ඒකයි... බංග්ලාදේශයෙන් තවත් ණයක් ගන්නවා...
කට ඇරියොත් කියන්නේ හරුපම තමයි.
තරුණ අය වෙන නැද්ද .
වසර අනූහයක් පැරණි, දකුණු ආසියාවේ පැරණිම ගුවන් විදුලි සේවය වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුබ පැතුම්
මෙන්න අලුතින් ගෙනාපු කෙනා... දැන් හැම පැත්තෙන්ම ඉන්න නැති වෙයි..
අපකීර්තියට පත්වෙලා තියෙන ආණ්ඩුව තවත් අපකීර්තියට පත් කිරීමට සුදුසුම කෙනා...
ආර්.එස්. පෙරේරා හෝ තේවිස් ගුරුගේ මහත්වරු නැවත පහළ වෙන්නේ නෑ... ඒ වුණාට පිස්සෝ එනඑකා වළක්වන්න බෑ. ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස්... මැරුවා වගේ තවත් කට්ටිය ඇති... ඊටත් පස්සේ බලමු දැන් සැපද කියලා...?
හඩ්සන් සහ ගුවන් විදුලිය යනු දෙකක් නොව එකකි. අපගේ ජනතාවත් ඒවගේ...
නියම තීරණයක්... දක්ෂයින්ට වයස බලපෑමක් නැහැ. ගුවන් විදුලියට යහපත් කලක් උදාවේවි. මහත්මයාණෙනි., කොතරම් ගල්මුගුරු ආවත් ඔබගේ හැකියාව දුර්වල කිරීමට කාටවත් බැරිවේවි.. ඔයාට සුබ පතනවා.
අපට වෙච්ච දෙයක්