IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්තවේ

(සුජිත් ප්‍රසංග)

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක,නාට්‍ය ශිල්පිනියක වූ රම්‍යා ශ්‍රියාණි පතිරණ මහත්මිය අද (18) අභාවප්‍රාප්ත වූවාය.

ගුවන් විදුලි නාට්‍ය ශිල්පිණියක ලෙස 1978 දී ගුවන් විදුලි සංස්ථාවට  එක්වූ ඇය 1981 වර්ෂයේ  සහන නිවේදිකාවක ලෙස නිවේදක මණිඩලයට එක්වූවාය.

ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙද සේවයේ වසර 38ක් සේවය කළ ඇය දක්ෂතම නිවේදිකාවක වූ අතර  ඇය මෙහෙය වූ  විවිධ වැඩසටහන්  ගණන විශාල  සංඛ්‍යාවකි.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ජාතික රෝහලට ඇතුළත් කෙරුණු ඇය අද (18) අඵයම අභාවප්‍රාප්ත වූවාය.

ප්‍රවීණ කිවියර නන්දන වීරසිංහ මහතාගේ ආදරණීය භාර්යාව වූ ඇය සෙනෙහෙබර මවකි.දේහය ඇරැව්වල උස්වත්ත මැදපාර නිවෙසේ ප.ව. 2.00 සිට තැම්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම්දෙනු ලැබේ.



අදහස් (2)

ගුවන් විදුලි නිවේදිකා රම්‍යා ශ්‍රියාණි අභාවප්‍රාප්තවේ

SUNIL MILANO Monday, 18 September 2023 02:58 PM

ඔබතුමිය රට ජාතියට කළ සේවයට හිස නමා ගෞරව කරන අතර අජරාමර නිවන් සම්පත්තිය ලැබේවායි පතමි.

:       0       34

ගමේ එකාලා Monday, 18 September 2023 07:10 PM

ඔබතුමියට අමාමහ නිවන්සුව අත්වේවා...!

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site