(සුමිත් පොතුපිටිය)
ගුවන් යනායකදී හදුනාගත් පුද්ගලයකුට අවුරුදු 2 ක් වයසැති පිරිමි දරුවකු දී පලා ගිය කාන්තාව අද (29) අලුයම අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, උඩුගම ප්‍රදේශයේ පදිංචි 37 කාන්තාවක බව පොලිසිය කියයි.
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනෙත් ශාන්ත මහතාගේ උපදෙස් පරිදි , පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර කාන්තාව සිය නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඇය තවත් දරුවන් සිටින විවාහක කතක් බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තොරතුරු ලැබී ඇතැයිද උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
අවුරුදු 11 ක් පමණ සෞදි අරාබියේ සේවය කර ඉකුත් 25 දා දිවයිනට පැමිණ කළුතර , බෝධියවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් කල පැමිණිල්ලක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකරු සෞදි අරාබියේ සේවය කර මව් රටට එමින් සිටියදී එම ගුවන් යානයේම අවුරුදු 2 ක පිරිමි දරුවකු සමග පැමිණි කතක් හදුනාගත් බවත්, කටුනායක ගුවන් තොටුපලේදී ඇයටද කළුතර යාමට අවශ්‍ය බව දැන්වූ බැවින් තමා පැමිණි කුලී රථයෙන්ම ඇය සහ දරුවා නංවාගෙන පැමිණ ඇති බවත් පැමිණිලිකරු සදහන් කර ඇතැයි පොලිසිය කීය.
කටුනායක සිට කළුතර දක්වා පැමිණෙන අතරතුර කළුතර නගරයේදී සිසිල්බීම බෝතලයක් සහ චොකලට් එකක් රැගෙන එන බව පවසා දරුවා තමාගේ අතට දී වාහනයෙන් බැසගිය බවත් බොහෝ වේලාවක් නොපැම්ණි බවත් පැමිණිල්ලේ සටහන් කර ඇතැයි පොලිසිය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd