IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ

(නිමල කොඩිතුවක්කු)

කටුනායක, බණ්ඩාරනායක ගුවන්තොටුපලට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා දෛනිකව අවශ්‍ය වන ජෙට් ඉන්දන ප‍්‍රමාණවත් නොවන බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

දැනට ගබඩා කර ඇති ජෙට් ඉන්දන ප්‍රමාණවත් වන්නේ දින 10කට හෝ දින 15කට පමණක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

කටුනායක ගුවන්තොටුපල පරිශ‍්‍රයේ පිහිටි ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණයට පැමිණ එහි නිරීක්ෂණ කටයුතු සිදුකිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

ජෙට් ඉන්දන ලබාදීම සඳහා ස්ථිරසාර විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා එහිදී ඛණිජ තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කළේය.

දෛනිකව ගුවන්තොටුපලේ මෙහෙයුම් සඳහා ජෙට් ඉන්දන ලීටර් ලක්‍ෂ 13ක් පමණ අවශ්‍ය වන බව එහි දී අනාවරණය විය.

ඉදිරි මාසවලදී සංචාරක සමය ඇරඹීමත් සමග දෛනිකව ලීටර් ලක්‍ෂ 14ක් පමණ අවශ්‍ය වන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙම ජෙට් ඉන්දන අවශ්‍යතාවය නොකඩවා සැපයීමේ වගකීම ඛණිජ තෙල් සංස්ථාවට පැවරී ඇති බැවින් එම ඉන්දන ලබාදීමේ හැකියාව පිළිබඳව සහතිකයක් ගුවන් යානා සමාගම් වලට ලබා දිය යුතු බව අමාත්‍යවරයා තවදුරටත් කීවේය.

මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපති විශ‍්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ.චන්ද්‍රිසිරි, උප සභාපති වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරු ඇතුළු නිලධාරී පිරිසක් සහභාගී වීය.



අදහස් (3)

ගුවන් යානා සඳහා දෛනිකව අවශ්‍ය ජෙට්ඉන්ධන ප්‍රමාණවත් නැහැ

ගගන Friday, 02 September 2022 03:54 PM

මුලින්ම පුද්ගලීකරණය කරන්න ඕනෑ රටේ ඩොලර් උපයන තැන්වලට බාල්දි දාන මේ වගේ තැන්... රටේ ශෙඩ් ටික ඉන්දියාවට දුන්නා කියලා රටට ඩොලර් එන්නේ නැහැ...

:       0       0

de silva Friday, 02 September 2022 04:17 PM

සංස්ථාවට පමණක් ඔය වැඩේ පැවරුවොත් සංචාරකයාට සහ අපේ විදේශ ශ්‍රමිකයාට යන්න එන්න බැරිවෙලා මුළු ආර්ථිකයම කඩා වැටිලා අපි තවත් අමාරුවේ වැටෙනවා. සංස්ථාවේ ඉන්න උසස් නිලධාරියෝ කොමිස් ගහනවා. සේවකයින් ගෙදර ඉඳන් ඕටී දාගන්නවා. ටෙන්ඩර් කැඳවලා ශෙල් වැනි පිළිගත් ජාත්‍යන්තර සමාගමකට ඔය වැඩේ පවරනවා. සංස්ථාව නිෂ්පාදනට කරන ජෙට් ඉන්ධනත් ලබාගෙන ගබඩා කරගන්න, ඕවා වැඩි වෙන්නේ නැහැ..

:       0       0

nimal Friday, 02 September 2022 05:21 PM

සෑම රජයක් යටතේම පත්වන අදාල ඇමතිවරුන් සහ ඔහුගේ කණඩායම් අධීක්ෂණ කටයුතු සදහා පැමිණියත් රටේ ගැටළු හදුනාගෙන විසදුම් ලබාදීමට අපොහොසත්ව තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 402 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 231 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site