
(විමුක්ති එස් රුද්‍රිගු)
එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවා තබා ගැනීමට සම්බන්ධ නඩුව අයර්ලන්ත සමාගමක් වන සෙලෙස්ටියල් ඒවියේශන් සහ රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගම අතර ඇති වූ වාණිජ ආරවුලක් හේතුවෙන් ගොනු කර ඇති බවත් මෙතෙක් අධිකරණය මෙම නඩුව සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවත් විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රඳවා ගෙන තිබෙන රුසියානු එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ(04) නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයේ මෙසේ සඳහන් සඳහන් වේ.
”ඉකුත් දෙවැනිදා බස්නාහිර පළාත් වාණිජ මහාධිකරණය ලබා දුන් වාරණ නියෝගයක් මත එරෝෆ්ලොට් ගුවන් සමාගමට අයත් එස්යු-289 ගුවන් යානය බණඩාරනායක ගුවන් තොටුපොළෙන් ගුවන් ගත වීම තහනම් කර තිබුණි.
මෙම නඩුව පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වන සෙලෙස්ටියල් ඒවියේශන් සහ විත්තිකාර පාර්ශ්වයක් වන එරෝෆ්ලොට් ගුවන් සමාගම අතර ඇති වූ වාණිජ ආරවුලක් පදනම්ව ගොනු කර ඇත.ගුවන් යානය සම්බන්ධයෙන් අධිකරණය මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති අතර මෙම කරුණ සම්බන්ධයෙන් සාමාන්‍ය රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ සාකච්ඡා කෙරෙමින් පවතී.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා පාත් වුණා වගේ... ලංකාවේ ඉන්නවා මේවගේ රටට බලපාන වැඩ වලට උදවු කරලා සල්ලි හම්බ කරන කළු කෝට් කාරයෝ. ඒ අයට බිම ගොඩක අසූචි වැටිලා තියෙන රුපියලක් වුණත් දිවෙන් ගන්න කිසි අවුලක් නැහැ. රුසියාවෙන් තෙල් ගන්න කියලා රටේ නායකයින්ට ලොකු බලපෑමක් තියෙනවා. ඒ අතරේ රුසියානු සංචාරක කර්මාන්තය මත ලංකාවේ හෝටල් යැපෙනවා. එහෙම තියෙන තත්වයක් යටතේ, ඩොලර් කුට්ටියක් වෙනුවෙන් කිසියම් කළුකෝට් කාරයෙක් මේ වගේ වැඩකට හවුල් වෙනඑක ගැන තියෙන්නේ පුදුම අප්පිරියාවක්... රජයක් වශයෙන්, ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්න අවස්ථාවක මෙම ප්රශ්නය වෙනම විසඳාගන්නා ලෙස අයර්ලන්ත සමාගමට නිවේදනයක් කොට යානය නිදහස් කරන්න කොන්දක් තිබිය යුතුයි. නන්දේ ඔයා අපිට දීපු පරිප්පු හොඳටම ඇති දැන් යන්න. ඔයාගේ රනිලුත් එක්කම යන්න...
ප්ලේන් එකට යන්න දෙන්න.