(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 වර්ගයේ ගුවන් යානයක් හපුතලේ ප්‍රදේශයේ දී අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් සිදුකරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී අද (3) පැවසීය.
එම පරික්ෂණයෙන් පසු මෙම සිද්ධිය පිළිබඳ වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් Y-12 සැහැල්ලු ගුවන් යානය හපුතලේ, තම්බපිල්ලේ වතුයායට කඩා වැටී සිදු වූ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ස ඳහා ගුවන්හමුදාපති එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ කමිටුවක් පත් කර තිබේ.
එම සාමාජිකයින් මේ වන විට අනතුර සිදු වූ ස්ථානයට ගොස් පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී
( ඉන්දිකා රාමනායක)
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ස්වාධීන කමිටුවක් විය යුතුයි...
පරීක්ෂණ මොන කෙහෙල්මලක්ද? ගමේ ඉන්න අප්පුහාමිටත් තේරෙනවා ඔක්කොම ගුවන් යානා යල් පැනගිය ඒවා යුද සමයේ ප්‍රහාර වලට ලක්වී ගුවන් ගතකිරීම ඉතා අවදානම් තත්වයේ... රාජගිරියේ මසකට ගෙවූ මිලියන 22ක් එකතු කරලා බැංකු කාපු මුදල් කන්දරාව වංචා කරපු ශ්‍රී ලන්කන් වන්දි මුදල් එකතු කරලා ප්‍රබල නවීන ගුවන් හමුදාවක් හදන්න තිබුණා. හිටපු ආණ්ඩුවේ බොහොමයක් අත්අඩංගුවට ගත යුතුයි. නමුත් කරන්න බැහැ. බහුතරය නැහැ. තිබුණත් මේ ගොල්ලන් කරපුවා බැලුවාම කරන්න දේකුත් නැහැ. අපි ගුවන් හමුදාව සමග අතරමන් වෙලා...
ආහ්... මුන්නැහේද ආරක්ෂක ඇමැති...? ඒකත් පවුලට බැඳිලා... අනේ ඕක අපේ තුරුලිය නෝනට දුන්නා නම් පාස්කු කොමිටිය වගේ තාම අවුරුදු 5ම අදාල අනිකුන්ට දෙයි.