(ඉන්දිකා රාමනායක)
බම්බලපිටිය ෆොන්සේකා පෙදෙස ඉඩමක පාළු නිවසක් ගුවන් හමුදා සාමාජිකයකු වෙඩි වැදී මියගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය අභයපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ (36) හැවිරිදි ගුවන් හමුදා භටයෙකි.
මෙම ගුවන් හමුදා සාමාජිකයා තවත් කීප දෙනකු සමග ෆොන්සේකා පෙදෙසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවස ආසන්නයේ රාජකාරියේ නිරත වෙමින් සිටියදී අද දහවල් මොහු කිසියම් අවශ්‍යතාවයකට යැයි පවසා ඔවුන් විවේක ගන්නා පාළු නිවසට ගොස් සිටියදී මෙසේ වෙඩි වැදී මියගොස් ඇත. මෙම වෙඩි තබා ගැනීමක් බවට පොලිසිය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුවත්වලින් වැඩිහරියක්ම සඳහන් වන්නේ මරණ සම්බන්ධවයි..