(සුජිත් හේවාජුලිගේ )
ගුවන් ගමන් පාලකවරුන්ගේ (air traffic controllers) හිඟය සපුරාලීම සඳහා ආධුනික ගුවන් ගමන් පාලක වරුන් 50 දෙනකු ලබන 16 වැනිදා බඳවා ගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එම පිරිස පුහුණුවකින් පසු ගුවන් ගමන් පාලකවරුන් ලෙස බඳවා ගැනෙනු ඇත.ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.
ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට ගුවන් පාලක මධ්‍යස්ථානවල රාජකාරි කරන්නේ පාලකවරුන් 79 දෙනකු පමණක් බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
කටුනායක මත්තල රත්මලාන යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. ගුවන් පාලකවරුන්ගේ හිඟය නිසා දැනට සිටින ගුවන් පාලක වරුන්ට පැය 24 පුරා එම රාජකාරි කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයතරම් පාලකවරු හිග වෙනකල්ම ඇමතිකම් දැරුවෙත් ඔයගොල්ලොම නේද?
දේශපාලුවන්ගේ පස්ස ලෙවකන්නේ නැතිව සුදුස්සාට සුදුසු තැන දෙන්නකෝ... එහෙම නැතිව නුසුදුස්සන්ට ඔය තනතුරු දුන්නොත් ගුවන් යානා අහසේ කෙසේ වෙතත් බිමනම් තියේවි...
ඕවා දුවන්නෙත් පාඩු පිට .ගන්න එවුන්ට පඩි ගෙවන්නේ අම්මගේ තාත්තගේ භූදලයෙන්ද ?
රටට හරියන එක පාලකයෙක් හොයාගන්න බැරි එකනේ වැඩේ