(සුජිත් හේවාජුලිගේ )
ගුවන් ගමන් පාලකවරුන්ගේ (air traffic controllers) හිඟය සපුරාලීම සඳහා ආධුනික ගුවන් ගමන් පාලක වරුන් 50 දෙනකු ලබන 16 වැනිදා බඳවා ගන්නා බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
එම පිරිස පුහුණුවකින් පසු ගුවන් ගමන් පාලකවරුන් ලෙස බඳවා ගැනෙනු ඇත.ගුවන් ගමන් පාලකවරුන්ගේ ගැටලුව කඩිනමින් විසඳීමට ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීවේය.
ගුවන්යානා මෙහෙයුම් කටයුතු සඳහා පාලකවරුන් 148 කගේ සේවය අවශ්‍ය වුවත් මේ වනවිට ගුවන් පාලක මධ්‍යස්ථානවල රාජකාරි කරන්නේ පාලකවරුන් 79 දෙනකු පමණක් බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.
කටුනායක මත්තල රත්මලාන යාපනය සහ මඩකලපුව යන ගුවන් තොටුපොළවල් ආශ්‍රිතව ගුවන් පාලක මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. ගුවන් පාලකවරුන්ගේ හිඟය නිසා දැනට සිටින ගුවන් පාලක වරුන්ට පැය 24 පුරා එම රාජකාරි කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 18
510
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් පාලකවරුන් 50 ක් බඳවා ගන්න යයි
chandima Monday, 08 May 2023 03:56 PM
ඔයතරම් පාලකවරු හිග වෙනකල්ම ඇමතිකම් දැරුවෙත් ඔයගොල්ලොම නේද?
ධර්මසිරි Monday, 08 May 2023 04:57 PM
ඒ වුණාට තමන්ට ගොට්ට ඇල්ලූ අයට උදව්වක් කරන්න ඕනෑ... එහෙම අයට ඒ වෙනකොට වයස මදි. ඉතින් අවශ්‍යතාව නොසලකා හිතවතුන්ට සංග්‍රහ කිරීමට කල්මරමින් හිටියද කියලා හිතෙනවා. කන්න ඕනෑවුණාම කබරගොයා, තලගොයා කියන අතේ බුලතේ, පුටුවේ, පොහොට්ටුවේ පිරිස්වල හැටි එහෙම තමයි...
ravin Monday, 08 May 2023 05:54 PM
දේශපාලුවන්ගේ පස්ස ලෙවකන්නේ නැතිව සුදුස්සාට සුදුසු තැන දෙන්නකෝ... එහෙම නැතිව නුසුදුස්සන්ට ඔය තනතුරු දුන්නොත් ගුවන් යානා අහසේ කෙසේ වෙතත් බිමනම් තියේවි...
චන්දුසේනTuesday, 09 May 2023 08:16 AM
බයවෙන්න එපා මොකුත් වෙන්නේ නෑ හැම දාම ඔිකට ගත්තේ එහෙම තමා නාසා එකට ගන්න වගේ ටෙස්ට් තියලා තියලා අපේක්ෂකයින් අන්තිමටම වටිටලා දේසපාලකයින් කියා ගන්නා පිංගුත්තරයින්ගේ හෙන්චයියන් තමා බදවා ගන්නේ ,මටත් වසර 40 කට විතර ඉහතදි මෙි දෙයම වුනා සියලුම අමාරැ ලිකිත පරික්ෂණ සමත් වෙලා අන්තිමට ඉතාම සරල පරික්ෂණයකින් එක ලකුනකින් අසමත්වුනා ! අතිදක්ස කන්ඩායමක් බදවා ගත්තා මොකුත් වුනේ නෑ ඒ නිසා බයවෙන්න එපා ඔහොම යන් !
Ruhunu Tuesday, 09 May 2023 12:33 AM
ඕවා දුවන්නෙත් පාඩු පිට .ගන්න එවුන්ට පඩි ගෙවන්නේ අම්මගේ තාත්තගේ භූදලයෙන්ද ?
Perera Tuesday, 09 May 2023 06:49 AM
රටට හරියන එක පාලකයෙක් හොයාගන්න බැරි එකනේ වැඩේ