
(ටී.කේ.ජී.කපිල )
අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද(29) පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .
මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකි . ඇය වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගෘහ සේවිකාවකි .
ඇය අද(29 ) උදෑසන 08.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , සියලුම ගුවන් මගීන් , තම ගුවන් යානයෙන් බැස ගිය පසු ,ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ .
පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමා කර , ඔවුන් සිය ගමන් මලු රැගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වනවිට , ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් විය හැකියි.
හොයලා බැලුවානම් සුනාමි ආධාර හොරා කාපු එවුන්ගේ හරි මහබැංකු හොරා කාපු එවුන්ගේ හරි නෑදෑයෙක්ද කියලා
ඩුබායි ඉඳලා තව මොන මොනවා හොරකම් කරලා යාළුවන්ට පොලුතියලා ඇවිල්ලාද දන්නේ නෑ...