ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට
(ටී.කේ.ජී.කපිල )
අධිකරණය මගින් රටින් පිටවීම තහනම් කරමින් නියෝග ලබා දී තිබූ ශ්‍රී ලාංකිකයෙකු , සිය ගමන් බලපත්‍රයෙහි ජීව දත්ත පිටුවෙහි තොරතුරු වෙනස් කර , කූඨ ලෙස සකස් කර ගත් ව්‍යාජ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මැලේසියාව වෙත පළා යාම සදහා ගුවන් යානයෙහි අසුන් ගෙන සිටියදී අත් අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් පියවර ගෙන තිබුණි .
මොහු යාපනය , සන්දිලිපායි ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙකි.
ඔහු අද(10) මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිත එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 046 දරන ගුවන් යානයට පිවිස අසුන් ගෙන තිබේ .
ඔහු ඒ වනවිට ගුවන් තොටුපොළ සියලුම මගී නිශ්කාශන කටයුතු නිමවා සිටියත් ඔහු පිළිබඳ ඇති වූ සැකය මත , ඔහුගේ ජාතික හැදුනුම්පත් අංකය ලබා ගත් ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් , ඒ ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමේ දී ඔහුට එරෙහිව ගුවන් ගමන් තහනමක් පවතින බව අනාවරණය වී තිබේ .
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගුවන් තහනමක් ඇති මගීයෙක් යානයෙදී අත්අඩංගුවට