(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව , මැදපෙරදිග සහ තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා 07 ක් අද (27 ) සිය ගුවන් ගමන් අවලංගු කර ඇති බව කටුනායක ගුවන් තොටුපොළ ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාවක පැවසුවාය .
මෙම ගුවන් යානා අතරින් 06 ක් ම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා වීම විශේෂත්වයකි .
ඒ අනුව අද (27 ) අලුයම 01.10 ට ඉන්දියාවේ බැංගලෝර් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.-173 දරන ගුවන් යානය , එදිනම අලුයම 01.15 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය එදිනම දහවල් 01.45 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 127 දරන ගුවන් යානය ද එසේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වීම අවලංගු වී තිබේ .
මීට අමතරව අද(27) දින පස්වරු 05.10 ට ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 143 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.30 ට දමාම් නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 263 දරන ගුවන් යානය ද , එදිනම රාත්‍රී 06.50 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 207 දරන ගුවන් යානය ද පිටත්ව යාම අවලංගු කර තිබෙන බව එම ප්‍රකාශිකාව පැවසුවාය
අද(/27) අලුයම 02.25 ට ඉන්දියාවේ චෙන්නායි නුවර බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව යාමට නියමිතව තිබූ ස්පයිස් ජෙට් ගුවන් සේවයේ එස්.ජී.- 002 දරන ගුවන් යානය ද සිය ගුවන් ගමන අවලංගු කර ඇති බව ගුවන් යානා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය .
කෙසේ නමුත් මේ පිලිබදව අදහස් දැවු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා පැවසුයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 06 ක් අද (27 ) අවලංගු වී ඇති බව ප්‍රකාශයට පත් වී තිබුණ ද , එම ගුවන් ගමන් අවලංගු වීම් නොව ප්‍රමාද වීම් බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ජෙප්පන්ගේ කඩාකප්පල් කාරී වැඩනේද...? ටිකින් ටික ඔලුව උස්සනවාට මොවුන් කැමැති නෑ..!
මිනිස්සුන්ට වෙන පාඩුවට වගකියන්නේ කවුද? මේ කරන්න හදන්නේ පෞද්ගලීකරණය සාධනීය දෙයක් කියලා ඔප්පු කරවන්න නේද...?
මේ කරන්නේ විකුණන්න කරන සෙල්ලමක්. මොවුන්ට ඕනෙ රටම විකුණන් කන්නයි.
අපි දැන් තෝරාගන්නේ වෙනත් ගුවන් සේවා...! මෙයාලාට ඒක වහගන්නනේ අවශ්‍ය වෙලා තියෙන්නේ...!
කරුණාකර ගුවන් හමුදාව ඇතුළු රජයේ වෙනත් ආයතන හෝ පුද්ගලික ආයතන සම්බන්ධ කරගෙන කලට වෙලාවට නිසි ප්‍රමිතියක් ඇති යානා ගුවන් ගතකරන්න බලන්න... කරන්න බැරි නම් මේක වහලා දමන්න... මෙහෙම එදාවේල ටුවර්ස් වගේ දුවලා අබලන් යානයක් කඩා වැටුණොත් මනුස්ස ජීවිත විනාශ වෙන බව සිතට ගන්න...