IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ගුවන් ගත වූ යානය විනාඩි පහෙන් යළි බස්සයි

(ටී.කේ.ජී.කපිල)

කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යානයේ කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.

මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් - 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පස්වරු 02.02ට පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන් ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පස්වරු 02.07 ගොඩ බස්වා තිබේ.

මේ වනවිට ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් යානය තුළ රදවා ගෙනම , ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු කරන බව ද පැවසීය.

මෙම ගුවන් යානය යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත ගුවන් ගන්නා නිශ්චිත වේලාවක් ගුවන් තොටුපළ විසින් ප්‍රකාශයට පත් කර නොමැත.



අදහස් (2)

ගුවන් ගත වූ යානය විනාඩි පහෙන් යළි බස්සයි

චින් විරා Monday, 28 November 2022 07:13 PM

ගුවනට නැංවූ පසු විනාඩි 5 කින් ගොඩබාන්න බෑ. ගොඩබෑවේ පස්වරු 2.23ට.​.. ලෙඩේ දැනගත්තේ විනාඩි 5 කින්...

:       1       6

de silva Tuesday, 29 November 2022 11:25 AM

මන්නාරමෙන් ඉන්දියාවට යන්න බෝට්ටු සේවයක් දාන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site