
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කටුනායක මූලික කඳවුරේ අංක 5 ප්‍රහාරක බලඝණයට අයත් කේ -8 වර්ගයේ යානයක් අද (21) පෙරවරුවේ අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් කිරීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සාමාජිකයන් හත්දෙනකුගෙන් යුත් විශේෂ පරීක්‍ෂණ කමිටුවක් පත්කළ බව ගුවන් හමුදාව පැවසීය.
ගුවන් නියමුවන්ගේ උසස්වීමේ සඳහා යොදාගන්නා අදාල යානය පුහුණුවීමක් අතරතුරදී කුරුණෑගල, වාරියපොළ ප්‍රදේශයේදී හදිසි අනතුරකට ලක්වූ බවත් එහි ගුවන් නියමුවන් දෙදෙනා ආරක්‍ෂිතව ඉවත්වී කුරුණෑගල, පාදෙණිය මිනුවන්ගැටේ විද්‍යාල පරිශ්‍රයට පැරෂූට් ආධාරයෙන් ගොඩබැස ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා පැවසීය.
පැරෂූට් ආධාරයෙන් දිවිගලවාගත් එම යානයේ ප්‍රධාන පුහුණු උපදේශක ගුවන් නියමුවා සහ පුහුණු ගුවන් නියමුවා කුරුණෑගල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේය.
එම ගුවන් යානය ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරෙන් අද (21) පෙරවරු 7.27 ට පමණ ගුවන්ගත වී ඇති බවත් පෙරවරු 7.55 ට පමණ අනතුරට පත්ව ඇති බවත් ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂවරයා වැඩි දුරටත් පැවසීය.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගුවන් අනතුර ගැන සොයන්න කමිටුවක්
MD Friday, 21 March 2025 04:21 PM
බිමල්, නලින්ද, වසන්ත සමරසිංහ නම් කියන්නේ මේක රාජපක්ෂ පවුලට සම්බන්ධ කෙනෙක්ගේ වැඩක් කියලයි.
බකල ජයා Friday, 21 March 2025 06:06 PM
සර්, සර්, අපේ ගෙවල් ළඟ ත්‍රීවීල් දෙකක් ඇක්සිඩන්ට් එකක් හැප්පුණා. ඒකටත් එකක් ඕනෑවෙයි..!
Pach moola Friday, 21 March 2025 10:47 PM
මේක රිළවෙක්ගේ වැඩක්...!