
(කේ බුද්ධික කුමාරසිරි)
අනපේක්ෂිත ලෙස ඇද හැලුණු වර්ෂාව නිසාවෙන් සීතාවක ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පුද්ගලයන් සිව් දෙනකු මියගොස් ග්‍රාම නිළධාරී වසම් 11ක ජනතාව ජලයෙන් යට වී පීඩාවට පත්ව ඇතැයි කොළඹ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පවසයි.
අවිස්සාවේල්ල පුවක්පිටිය දකුණ ග්‍රාම නිළධාරී වසමේ එකම පවුලේ තිදෙනකු මෙලෙස ජලයෙන් යට වී මියගොස් ඇති බවත් තවත් අයකු පස් කන්දක් කඩා වැටීම නිසා මියගොස් ඇති බවත් එම ඒකකය පවසයි.
ජල ගැලීම් නිසාවෙන් හයිලෙවල් මාර්ගයේ රථ වාහන ධාවනය ද කොස්ගම සිට අවිස්සාවේල්ල දක්වා නතර වී ඇති අතර පුවක්පිටිය දුම්රිය ස්ථානය අසල දී රථ වාහන ජලයේ ගසා ගෙන ගොස් ඇතැයි ද එම ප්‍රදේශයේ ජනතාව පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉඩම් කට්ටි කර විකිණීම ප්‍රධාන හේතුව වෙල් ගොඩකර ගොඩනැගිලි ඉදිකිරිමත් වැසි ජලය බැස යෑමට ඉඩකඩ නොමැතිවිම නිසා ජලය රැදෙනවා ජලය බැස යනවා වේගවත්ව නොව සෙමින් කාණු නැහැ එවා වැසි ගිහින් එවා නිසියාකාරව පිළිසකර නොකිරිම හේතුවක් අදාළ ආයතන විසින්
අද දවසම .සාමාන්‍යයෙන් අද රාත්‍රි දෙක පමණ වනතුරුම වහීවි කියලා හිතෙනවා .සියලු ලක්වාසීන්ටම තෙරුවන් සරණින් හා සියලු දෙවියන්ගේ ආශීර්වාදයෙන් සියලු රැකවරණය ලැබේවා
ඉස්සර අපේ ගෙවල් කවදාවත්අ වැස්සට යටවෙලා නෑ මුත්තා කාලෙවත් ගෙවල් අවට කඩොලාන වනාන්තර, අඟුරු බිම්, කුඹුරු තිබ්බා පස්සෙ ඒවා ගොඩ කරලා ගෙවල් හැදුවා. දැන් පොඩි වැස්සටත් යටවෙනවා. මේ පාර නම් වහල ගාවටම වහියි.
මිමී 400 ඉක්මවපු වර්ෂාවක් ගැනවත් පුරොා්කථනයක් දෙන්න බැරි කාලගුණ විජ්ජා දෙපාර්තමේන්තුවකුත් තියෙනව මේ රටේ..මහජන බදුමුදලින් නඩත්තු වෙන..
මේ ක්ෂණික ගං වතුර වලට හේතුව වෙල් ගොඩ කිරීම නෙමෙයි,(හයියෝ මෙහෙම මිනිස්සුනෙ ඉතින් ලංකාවෙ ඡන්දෙ දාන්නේ) මේකට ප්‍රධාන හේතුව එල්-නිනෝ තත්ත්වය. එතකොට පොඩි වෙලාවක් තුල විශාල වතුර ප්‍රමාණයක් වැටෙනවා වගේම ගොඩක් වෙලා වහිනවා (කලුතර අද සෙන්ටිමීටර් 22ක් වැහැලා තියෙනවා) ලෝකයේ දියුණු රටවල් අධික ඉන්ධන භාවිතය නිසා විශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් වායුගෝලයට එකතු වෙලා තියෙන්නෙ. ඒ නිසා වායු ගෝලය දැඩි ලෙස රත් වෙනවා. එතකොට සාගරයත් පොලවත් ඒ වගේම රත් වෙනවා. එහෙම වුනාම සාගරය සහ ගොඩබිම් ජලාශ දැඩි ලෙස වාශ්පීභවනයට ලක් වෙනවා. දැන් වායුගෝලයේ සෑහෙන්න ජලවාශ්ප තියෙනවා. මේක පොඩ්ඩක් හරි සීතල වෙච්ච ගමන් විශාල වලාකුලු ප්‍රමාණයක් ඇති වෙලා අර මහ ජලකඳ ක්ශණිකව කඩාගෙන වැටෙනවා.
හරි, ලංකාව යට වුනේ වෙල් ගොඩ කරලා නම්, ඩුබායි (එමීර්) යට වුනේ මොකක් ගොඩ කරපු නිසාද? තව කොච්චර නම් රටවල් වල පැත්තක් නියන් වලින් වේලෙනකොට අනිත් පැති යට වෙන්නෙ කොහොමද. මහ ජෙප්පා බොරු කිව්වම පොඩි ජෙප්පෝ ඒ ලණු එහෙම් පිටින්ම ගිලිනවා. කොලඹ සාමාන්‍ය ගං වතුර වලට ගැලපෙන්න මෝය කටවල් විශාල කරලා, පොම්පාගාර දාලා තියෙන්නෙ.
එල් නිනෝ තියා මොන නියෝ ආවත් වතුර බැහැලා යන්න තියෙන පහත් බිම් ගොඩකරාම හරියනවද? මම හිතන්නේ වෙල් ගොඩකරපු අය තමයි වෙල් ගොඩකරාට ගංවතුර ගලන් නෑ වගේ කමෙන්ට් දාලා තියෙන්නේ.