(සුජිත් හේවාජුලිගේ)
හදිසි ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන ගුවන් යානා තුනක් ස්ථාන තුනක සීරුවෙන් තබා ඇතැයි ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.
කටුනායක රත්මලාන සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවල මෙම යානා තුන සීරුවෙන් තබා ඇත.
හදිසි ආපදාවන් පිළිබඳ පණිවිඩ ලැබුණු වහා ගලවා ගැනීම් කටයුතු සඳහා මෙම යානා තුන යෙදවීමට බලාපොරොත්තු වන බව ගුවන් හමුදාව පවසයි.
ගංවතුර තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී දහස් සංඛ්‍යාත පිරිසක් අවතැන් වී සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd