IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගංවතුරේ යටවී සිටියදී උදව් කළාට කෝටි 3ක මැණික්වලට විදලා

(ලසන්ත නිරෝෂණ පෙරේරා)

ගංවතුරින් නිවස යටවීම හේතුවෙන් අසරණ වූ පවුලක් නිවෙසට කැඳවාගෙන විත්  නවාතැන් දී දින දෙකක් තුන් වේලම කන්න බොන්න දුන් රත්නපුරේ මැණික් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි දෙකහමාරකට වැඩි වටිනා මැණික් ගල් සොරා ගත්තේ යැයි කියන එම පවුලේ මව පියා සහ පුතා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

රත්නපුරට පසුගියදා ගංවතුර ගැලූ අවස්ථාවේදී අසරණ වූ  රත්නපුර මුද්දුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක බිරිඳ ස්වාමියා පිරිමි ළමයි දෙදෙනා සහ අවුරුදු හතරක දැරියක් මෙම මැණික් ව්‍යාපාරිකයා  නිවෙසට කැඳවාගෙන විත්   නවාතැන් ලබා දී දින දෙකක් තිස්සේ තුන්වේලම කන්න බොන්නදී ඇතැයි කියති

ගංවතුර බැස ගිය පසු මෙම දරු පවුලම මැණික් ව්‍යාපාරිකයාට පින්දී නිවසින් පිටව ගොස් ඇති බවත් ඔවුන් එසේ පිටව ගොස් ඇත්තේ යළිත් දිනක පැමිණ නිවසේ මිදුල ශුද්ධ පවිත්‍ර කර දෙන බවටද  පොරොන්දු දෙමින් බවත් පැවසේ.

පොරොන්දු වූ පරිදි එම අඹුසැමි යුවළ සහ අවුරුදු දොළහක් වූ පිරිමි ළමයා සමග දින කිහිපයකට පසු  නිවසට පැමිණ ඇති අතර ඒ අවස්ථාවේදී ව්‍යාපාරිකයා නිවසේ සිට නැත. නිවසේ සිට ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිඳ පමණක් බව පොලිසිය පවසයි.

එම පවුලේ පියා මිදුල පිරිසිදු කරද්දී ඔහුගේ බිරිඳ සහ පුතු නිවසට ඇතුළු වී නිවසේ බුදු මැදුරේ බෝතල් දෙකක සහ ගුණා කුප්පියක දමා තිබූ වටිනා මැණික් ගල් කැට රාශියක් වරින් බර අවස්ථා තුනකදී සොරකම් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.

ඔවුන්  මැණික් ගල් සොරකම් කරන ආකාරය නිවසේ ආරක්ෂිත කැමරාවල ද සටහන් වී ඇති බව පොලිසියේ  නිලධාරියෙක් පැවසීය.

මේ අනුව ව්‍යාපාරිකයා රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට පැමිණිලි කිරීමෙන් පසු සැකකාර යුවළ සහ ඔහුගේ පුතා මෙසේ අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මැණික් සොරකම් කළ බව පිළිගෙන ඇත.

මේ අනුව ඔවුන් සන්තකයේ තිබී මැණික් ගල් වලින් කොටසක් පොලිසිය විසින් සොයාගනු ලැබීය.

එම යුවලේ පිරිමියා මැණික් කැට දෙකක් රත්නපුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා තිබියදී එම ව්‍යාපාරිකයන් එම මැණික් කැට දෙක ස්වේච්ඡාවෙන්ම භාර දුන් බව පොලීසිය පවසයි.

සැකකරුවන් රත්නපුර මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රත්නපුර පොලිසියේ අපරාධ විමර්ශනා අංශයේ නිලධාරීහු සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වති.



අදහස් (6)

ගංවතුරේ යටවී සිටියදී උදව් කළාට කෝටි 3ක මැණික්වලට විදලා

Kuma Tuesday, 11 June 2024 07:26 AM

ඕක පොඩි දෙයක් .කොරෝනා වලින් බේරපු මනුස්සයා අපි ගහලා එලෙව්වේ

:       17       17

fairoosTuesday, 11 June 2024 04:55 PM

මෙහෙමත් බයියෝ .රට හැදෙයි කාලකන්නින්

:       0       0

Mithrasiri Tuesday, 11 June 2024 08:22 AM

නැතිවූ මැණික් ගල්‍ වලින් කොටසක් පොලීසිය විසින් සොයා ගෙන ඇත ඉතිරිවා ගල් වී ඇත

:       2       7

Randika Tuesday, 11 June 2024 08:49 AM

නොදකින් අපේ රටේ මිනිස්සු

:       0       19

sam Tuesday, 11 June 2024 11:22 AM

කාලකන්නි ඕක තමයි අද කාලේ මිනිහෙක් පාරේ වැටිලා හිටියාට මිනිස්සු උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ

:       0       10

බක්මීගොල්ල Tuesday, 11 June 2024 01:34 PM

උදව් කෙරුවට ප්‍රතිඋපකාර කරපු හැටි. මෙහෙමත් මිනිස්සු ඉන්නවානේ අම්මපා. කොහොමද ආයේ ඒ මිනිස්සුන්ගේ මූණ බලන්නේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site