
(අංජුල මහික වීරරත්න)
කොළොන්නාව ජල ගැලුම් තත්ත්වය වැළැක්වීම සඳහා සකස් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
කොළොන්නාව ප්‍රදේශයේ ජල ගැලීම් ඇති වීම සඳහා බලපාන මූලික හේතු සොයා බලා එවැනි තත්ත්වයක් නැවත ඇති වීම වලක්වා ගැනීමට අවශ්‍ය නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට සහ කොළොන්නාව නගරය ප්‍රතිසංවිධානය සඳහා පුළුල් සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට 2024 -06-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කරනු ලැබ ඇත.
ඒ අනුව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජල ගැලීම් වලට හේතුවන මූලයන් හඳුනාගෙන නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වැළැක්වීම පිණිස ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් සකස් කරනු ලැබ ඇති වාර්තාව සහ නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරමින් පවතින කොළොන්නාව නගර සංවර්ධන සැලසුම හා කොටිකාවත්ත - මුල්ලේරියාව නගර සංවර්ධන සැලසුම මාස 4 ක කාලයක් ඇතුලත සකස් කර ක්‍රියාත්මක කිරීම ඇතුළුව නිර්දේශ 16ක් එම කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
එම නිර්දේශ නිසි අධ්‍යයනයකින් අනතුරුව අදාළ වග කිවයුතු ආයතන හරහා ක්‍රියාත්මක කිරීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සහ අධීක්ෂණය සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමටත් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුවේ ඡන්ද ගුණ්ඩු.. ගුණ්ඩු. ඔය මොන ගුණ්ඩුව දැම්මත් කොලොන්නාවේ බහුතරය මාලිමාවට. රනිල් ඇතුළු හොර රැල හිරගෙට...
මේ දිනවල සාමාන්‍යයෙන් මැතිවරණ ආසන්න කාලවලදී රටේ සෑම අවස්ථාවලදී අනවසර ඉදිකිරීම් බොහොමයක් ක්‍රියාත්මක වෙනවා පළාත් පාලන ආයතනවල බලය ලත් නිළධාරි කිසිවක් නොදන්නා ආකාරයට කටයුතු කරන බව පේනවා පළාත් පාලන ආයතන සතු මාර්ග පටුකර නිවාස හා තාප්ප පාරට බහිනවා කියන්න ගියාම බලය ලත් නිළධාරි ගහගන්න තමයි එන්නෙ ඒ නිසා මැතිවරණ ආසන්න මෙම කාලයේ සියලු පළාත් පාලන ආයතන නිළධාරින්ට අනවසර ඉදිකිරීම් නැවතීමට කටයුතු කරන්න කියලා නියෝග දෙනවා නම් හොදයි එහෙම නොකර සිටීමේ විපාක තමයි ඔය කොලොන්නාවෙ තියෙන්නේ
කමිටු පිට කමිටු පත් කරනවා...! ඔය ගොබ්බ අගමැතිගෙනුත් කිසිම වැඩක් නැහැ...