
(අංජුල මහික වීරරත්න)
වෙිලිච්ච මිරිස් සේ වෙිලුණු ජීවිත අස්සෙන් සරු අස්වැන්නනක සුබ සිහින දකින්නට පොර කන අනුරාධපුරයේ ගොවි ගම්මානයක සැප දුක බලන්නට අපි එහි ගියෙමු.
අක්කර බාගයක මිරිස් වගාවෙන් මාස පහක් ඇතුළත රුපියල් ලක්ෂ 19ක් උපයන්නට සමත් වූ අනුරාධපුර තලාවේ ගොවි ගමක් ගැන එහි ගිය මාධ්‍යවේදීන්ට දැක ගන්නට අවස්ථාව උදා විය.
ඊට අමතරව රාජාංගනයේ අපනයන ඇඹුල් කෙසෙල් වගාවක් නිරීක්ෂණය කරන්නටද එම ගමනේදී අවස්ථාව ලැබිණි.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ මෙම ගොවි ජනතාව සඳහා අවශ්‍ය මගපෙන්වීම කරනු ලබයි.
ලෝක බැංකුවේ හා යුරෝපා සංගමයේ ආධාර මත ක්‍රියාත්මක වන කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් මේ වන විට අනුරාධපුර, මහනුවර, වව්නියාව, මුලතිව්, පොළොන්නරුව ,මඩකළපුව, හා මොනරාගල දිස්ත්‍රික්ක වල අක්කර 1600ක් නව තාක්ෂණය යොදා ගනිමින් මිරිස් වගා කර තිබේ.
ඒ යටතේ ගොවීන් 3500 කට මිරිස් වගාව සඳහා පහසුකම් සපයා ඇති අතර ඔවුන් විසින් නිෂ්පාදනය කරනු ලබන වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 12800 කි.එය රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.02කි.
මෙම මිරිස් වගා ව්‍යාපෘතියෙන් මිරිස් පැළ අවධියේ සිට නවීන තාක්ෂණය යොදා ගනිමින් වගා කරනු ලබයි.බඩ ඉරිඟු පිටි යොදාගෙන නිෂ්පාදනය කරනු ලබන කවරයක මිරිස් පැළ ඉන්දනු ලබයි.එම කවරය දිරාපත් වන බැවින් පරිසර හිතකාමී ය.
කැටකෑල ඉහලගම මිරිස් වගා ගොවියකු වන අශෝක කුමාරසිංහ මහතා තම වගා අත්දැකීම් විස්තර කරමින් මෙසේ පැවසීය.
දැන් මගේ වගාවට මාස පහයි.මේ වෙනකොට කිලෝ පහළොස් දාහක් අස්වැන්නත් අරගෙන තිබෙනවා.ලක්ෂ 19 ක විතර ආදායමක් හොයලා තියෙනවා.වැඩ කුලිය ආදියට ලක්ෂයක් විතර වියදම් වුණා.සාමාන්‍ය ක්‍රමයට වගා කරන කොට අප අක්කර භාගයකට වෙනදා පොහොර කිලෝ දහසක් විතර දානවා.ඒත් දැන් අපට වැයවන්නේ පොහොර කිලෝ 200යි.දැනට අපි ලබල තියෙන ආදායම අනුව බලන කොට මාස අටකදී ලක්ෂ හතළිහක් විතර හොයන්න පුළුවන් වේවි යැයි කියන්න පුළුවන්.මිරිස් වගාව අවසන් වුණාට පස්සේ මේ බිම් කෑල්ලේ කැකිරි සහ පිපිඤ්ඤා වගා කරන්න සුදුසු බව වගා මහත්තුරු කියලා තිබෙනවා යැයි කුමාරසිංහ මහතා පැවසීය. මෙම මිරිස් වගා ක්‍රමයේ දී පැල ඉන්දනු ලබන්නේ සිග්සැග් ක්‍රමයටයි.පැලය වැඩෙන්නට වැඩි ඉඩක් ලබා දීම එහි අරමුණයි. පැළ පේළි දෙකක් මැදින් එළනු ලැබූ බටයක ආධාරයෙන් ජලය සහ පොහොර ලබා දෙනු ලබයි.කෘමි මර්දනය සඳහා වගාවේ තැනින් තැන ඇලෙන සුළු ලාටු විශේෂයක් පැවරූ කහ පුවරු සවිකර ඇති අතර පැල මැක්කා, සුදුමැස්සා ආදී කෘමීන් එම පුවරු වල ඇලී සිටින ආකාරය දැක ගත හැකි විය.
මිරිස් වගා බිම් වට කරමින් කෘමි ප්‍රතිරෝධී දැලක් සවිකර තිබෙන ආකාරයද දැකගත හැකි විය.කෘමි නාශක බෙහෙත් වගාවට නොව එම දැලට යෙදීමෙි ක්‍රමයක් කෘෂි සම්බන්ධීකරණ නිලධාරී උපාලි උඩුගම මහතා විසින් හඳුන්වා දී ඇති අතර එම ක්‍රමය ඉතා සාර්ථක බව ගොවීහු පැවසූහ.
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ජාත්‍යන්තර සේවා සැපයුම් අංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී උපාලි උඩගම මහතා මෙසේ පැවසීය. මෙම ව්‍යාපෘතියට අනුව මිරිස් වගා කිරීමේදී ගොවි ජනතාවගෙන් වැයවන්නේ ශ්‍රමය පමණයි.අනෙක් සියලුම පහසුකම් ව්‍යාපෘතිය මඟින් නොමිලේ සැපයෙනවා.බිම් සැකසීම පවා යන්ත්‍රානුසාරයෙන් සිදු කරනවා.පූර්ව පාංශු පරීක්ෂණයක් කිරීමෙන් පසු අප වගාව ආරම්භ කරනවා.සාමාන්‍යයෙන් අක්කර භාගයකින් මිරිස් කිලෝ විසිදහසක් ලබාගැනීමට අපගේ වගා ක්‍රමය ට හැකියාව ලැබී තිබෙනවා.ඒ කියන්නේ අක්කර භාගයකින් මිලියන 4ක ආදායමක්.සාමාන්‍ය ක්‍රමයට වගා කළහොත් අක්කර භාගයක මිරිස් පැල හත් දහසක් පමණ සිටුවනු ලබනවා.නමුත් අප මෙම මිරිස් වගාව කරන්නේ අධි ඝනත්ව වගාවක් ලෙසයි. ඒ අනුව අප අක්කර බාගයක මිරිස් දහතුන් දහසක් සිටුවනු ලබනවා.
අප රටේ සමස්ත මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 21.2ක් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ තිබෙන විදේශ ආධාර ව්‍යාපෘතියක් වන කෘෂි නවීකරණ ව්‍යාපෘතිය ( ASMP- AGRICULTURE SECTOR MODERNIZATION PROJECT) යටතේ ආරම්භ කර ඇති මිරිස් වගාවන්ගෙන් හැකි වෙතැයි එම ව්‍යාපෘතිය පවසයි.
ශ්‍රී ලංකාවේ වාර්ෂික මිරිස් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 5000 පමණ වේ. මෙම වසරේ ගත වූ කාලයේ මෙරටට ආනයනය කර ඇති වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 28.612 කි. ඒ සඳහා රජය විසින් වැය කර ඇති මුදල රුපියල් මිලියන 18,556 කි.
මෙම අතිවිශාල මුදල් ප්‍රමාණය මෙරටම ඉතිරි කර ගැනීමෙි අරමුණින් මිරිස් වගා කිරීම සඳහා ගොවීන් පෙළඹවීමත්, මිරිස් වගාවට අවශ්‍ය නව තාක්ෂණය හා උපකරණ ගොවීන්ට හඳුන්වා දීමටත් කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ අරමුණ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. මෙම ව්‍යාපෘතිය මගින් ඉදිරියේ දී කිළිනොච්චි, අම්පාර හා බදුල්ල යන දිස්ත්‍රික්කවලින් අක්කර 450ක් අලුතින් මිරිස් වගාව සඳහා සැලසුම් කර තිබේ.
වැඩි අස්වැන්නක් ලබා දෙන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පර්යේෂණය කර හඳුන්වා දෙන ලද MICH- 1 හයිබ්‍රිඩ් මිරිස් ප්‍රභේදය වගා කිරීමට නියමිතය.
ඊළඟට අප ගියේ රාජාංගනය යාය 1 ඇඹුල් කෙසෙල් වගා බිම් බලන්නටයි.
ඩුබායි වෙළෙඳපොළ සඳහා මෙහි ඇඹුල් කෙසෙල් අපනයනය කරන අතර අක්කරයක කෙසෙල් වගා බිමකින් වසරකට අපේක්ෂිත ආදායම රුපියල් ලක්ෂ 60කි.කෙසෙල් ගස් හතර අතුරු වගා ලෙස කහ සහ නයි මිරිස් වගා කර ඇති අතර එයින් ලක්ෂ හතක අමතර ආදායමක් ලබන බව ගොවීහු පවසති.
( සටහන සහ ඡායාරූප :- අංජුල මහික වීරරත්න)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා සතුටුදායක පුවතක්. නැවතත් සහනාධාර බලාපොරොත්තු නොවී ආදායමෙන් කොටසක් නැවත ආයෝජනය කර දියුණු වීමට ගොවියා උනන්දු කළයුතුයි..!
වවමු, වැඩකරමු, රට ගොඩනගමු... අවස්ථාව ලැබුණාම කෘමිනාශක නොයොදා දැල් ක්‍රමයට සොරු පලවා හරිමු...
ඉතා සතුටුදායක ප්‍රවෘත්තියක්. රටට අවශ්‍ය සියලු භෝග සඳහා මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වේවායි පතමු...!
ගොවීන්ට නිසි කළට පොහොර, තෙල් දූන්නා නම් මීට වඩා ප්‍රතිඵල ගන්න තිබුණා. ලංකාව කොයිතරම් දේවල් කරන්න පුළුවන් රටක්ද? බලලෝභී, බඩගෝස්තරවාදී, දූෂිත, දේශපාලුවෝ අපේ රට බංකොළොත් වෙන තැනට වැඩ සිද්ද කෙරුවා...
මිරිස් වගාවෙන් වැඩි ආදායමක් අලුත් තාක්‍ෂණයට අනුව වගා කරන්නේ කොහොමද කියන එක ගැන තව ඉගෙන ගන්න ඕන. උදව් කරන්න
හොද සටහනක්. මේ වගාව ගැන වැඩිපුර විස්තර ලබා ගැනීමට සම්භන්ද විය යුතු ආයතන හෝ නිළධාරීන් ගැන දැන ගැනීමට අවශ්‍යයයි. කරුණාකර ඒ සදහා දැනුවත් කරන්න.