
(ප්‍රියන්ත දසනායක)
අකුරැස්ස ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගල්ලල මංසන්ධිය අසලදී වෙඩි තබා නතර කළ ගවයින් රැගෙන යමින් සිටි ලොරි රථයේ පිටුපස සිටි අයෙක්ද වෙඩි වැදිමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව කනංකේ පොලීසිය කියයි.
රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් කණ්ඩායමක් අළුයම හතරට පමණ කනංකේ රජමහා විහාරස්ථානය අසලදී ගවයින් ලොරි රථයට පටවමින් සිටිණු දැක ඇති අතර පොලීසිය දුටු වහාම ලොරි රථය වේගයෙන් අකුරැස්ස දෙසට ධාවනය කොට ඇති බවත් වහාම නතර කරන්නැයි පොලීසිය අණ කර තිබෙන බවද පොලීසිය කියයි.
පොලිස් අණ නොතකා ධාවනය කළ ලොරි රථයට පොලීසිය දිගින් දිගටම වෙඩි තබමින් එම ලොරි රථය පසුපස හබා ගොස් තිබේ.
ටයර් වලට පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරය නිසා ගල්ලල මංසන්ධිය අසලදී රෝදවල හුළං නොමැතිව ඉදිරියට ධාවනය කිරීමට නොහැකිව දැඩි අන්දකාරයේ නතර වී තිබෙන අතර දෙදෙනකු පැනගොස් තිබෙන බවත් පොලීසිය පවසති.
එසේ නතරවූ ලොරි රථය පරික්ෂා කිරීමේදී පිටුපස සිටි ජාවාරම්කරුවකුට දකුණු පාදයේ දණහිසට වෙඩි වැදී තිබී සොයාගෙන අත්අඩංගුවට ගෙන ඉමදුව රෝහලටත් පසුව ඔහු කරාපිටිය රෝහළට වැඩිදුර ප්‍රතිකාර සදහා යොමුකර ඇතැයි පොලීසිය වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
386
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගව ලොරියට පොලිස් වෙඩි : ඡාවාරම්කරුවෙක්ටත් තුවාල