
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ගොවි පවුල් ලක්ෂ 12 ක ට ආධාර ලබාදීම සඳහා ආසියා සංවර්ධන බැංකුව රුපියල් බිලියන අටක් ලබා දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව ආසියා සංවර්ධන බැංකුව මෙම මුදල ලබා දී තිබේ.
ඒ අනුව හෙක්ටයාරයකට අඩුවෙන් වගා කරන සෑම පවුලකටම රුපියල් 10,000ක් සහ ඊට වැඩි හෙක්ටයාර ප්‍රමාණයක් වගා කරන පවුලකට රුපියල් 20,000 ක් වශයෙන් ලබන සතියේ සිට ගොවීන්ගේ ගිණුම්වලට මුදල් තැන්පත් කෙරෙන බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල පොඩි චන්දෙට සල්ලි බෙදන්න වගේ හදන්නෙ.
අනේ මෙයාලාගේ ආධාර.ඕකෙනුත් ගසා කන්නයි යන්නේ
21 මහ කන්නයේ පොහොර සඳහා මුදල් තවමත් ලැබුණේ නැහැ කලාතුරකින් කෙනෙකුට ලැබුණා. මෙවර මම තවත් දෙදෙනෙක් සමග අඳයට කුඹුරක් කරනවා... අක්කර එක හමාරක පමණ. අපිටත් ආධාර දෙනවද? ලැබීමට තියෙන සුදුසුකම් මොනවද?
ඔයාලගේ කුපාඩි මේ රට විනාශ කරනවා කියලා පේන්නේ නැද්ද මිනිසුනි? ගොවියන්ට සහනාධාර දීලා පිටරටින් හාල් ගෙන්වන්නේ අපිට ආදරේටද? මේ ආධාරමුදල්වලින් පෝර ටික ගෙන්වන්න බැරි ඇයි..? ආධාරවලින් භාගයක් සාක්කුවට දාගන්න පුළුවන් නිසාද?