(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම් ලබන ශ්‍රී ලාංකික ගොවි පවුලකටම යූරියා පොහොර මල්ලක් බැගින් නොමිලේ ලබාදීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය එකඟතාවය පළ කළ බව කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට 2022 සහ 2023 මහ කන්නයේදී වී වගාව සඳහා පවුලකට පොහොර මල්ලක් බැගින් යූරියා පොහොර මලු 3,65,000ක් නොමිලයේ ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ මෙරට නියෝජිතයින් සමඟ කළ සාකච්ඡාවලදී එකඟතාවය පළ කළ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.
මෙරට ගොවි ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විශේෂ ව්‍යාපෘති ගණනාවක් ලබන මාස් කන්නයේ ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර ඇතැයි ද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ගොවි පවුල් කියන්නෙ අඩු අදායම්ලභින්. . හොද සොයාගැනීමක්... ගොවි පවුලකට යුරිය දෙනව කියන්නෙ ඇයි? පව්ලෙ හැමෝ කන්නෙ යුරිය ද? මෙ පුවත් ලියනකොට මිට වඩා පැහැදිලිව ලියන්න බැරිද? මෙක පල කරන්නෙ නැහැ කියල මම දන්නව.. අඩු ගානේ කතුවරය වත් කියවයි කියල බලපොරොත්තු වෙනව.. එය නිැරඩි වුනොත් මාධ්‍යවෙිදීන්රි හරියට වාා කරන්න ඉගෙන ගනිවි..
නොමිලේ එපා.
මේක දෙන්නෙ කටින් විතරයි, හෝර මෝල
ඕවත් මැති අමතිලගේ ගෙවල් වල තමා ඉතින්
කිසිම දෙයක් නොමිලේ දෙන්ඩ එා, නැති බැරි පවුල් වලට මුදලක් දෙන්නෙ අවශ්‍ය දේවල් ගන්න. ණමුත් වගාවට නොමිලේ දෙනව කියල මිනිස්සු රවටන්නෙපා දෙන්නෙ නැහැ කියනව අරෙන්නෙ.
මොනවද මෙයා කියවන්නෙ. නිනං දෙන්න - අංගොඩ යන්න.
දෙයි මේන් කියලා. මොකක් හරි බේගලයක් ගහලා ජනතාව අන්දවන්න හදන එකයි මෙයත් කරන්නේ? මේ වෙනකම් හරියට කරපු දෙයක් නැහැ...
පවුල් වලට යූරියා දෙන්නේ හොඳට ළමයි හදන්න කියලද?