(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රට පුරා ගොවි සංවිධානවල ගොවි නායකයෝ 11 දෙනෙක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ නායකයන් පාර්ලිමේන්තුවේදී අද (08) දහවල් හමුවී සිය ප්‍රශ්න ගැන දීර්ඝව කරුණු ඉදිරිපත් කළහ.
අාරංචි මාර්ග සදහන් කරන අන්දමට ගොවි සංවිධාන නියෝජිතයන් මෙපමණ පිරිසක් විපක්ෂයේ නායකයන් පාර්ලිමේන්තුවේදී එකවර හමුවූ පළමු අවස්ථාව මෙයයි.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේ එම ගොවි සංවිධාන නියෝජිතයන් සිය ප්‍රශ්න රාශියක් විපක්ෂයේ නායකයන්ට පෙන්වා දුන් බවයි.
මෙම ප්‍රශ්න වෙනුවෙන් විපක්ෂය ඉදිරියේදී දිගින් දිගටම හඬ නගන බවද ඔහු සඳහන් කළේය
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා පැවසුවේ එම ගොවි සංවිධාන නියෝජිතයන් පවසන අන්දමට ඔවුන්ගේ ප්‍රශ්න බොහොමයක් විසඳීමට මේ රජය කටයුතු කර නැති බවයි.
ගොවි ජනතාවගේ කර මතින් බලයට පැමිණි ආණ්ඩුව එම ජනතාව අද අමතක කර ඇතැයිද ඔහු චෝදනා කළේය.
ගොවි සංවිධාන නියෝජිතයින්ගේ ප්‍රශ්න ගැටලු සියල්ල විපක්ෂයේ නායකයන් එහිදී සටහන් කරගෙන ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශයක් කරමින් පැවසුවේ ගොවි සංවිධාන නියෝජිතයන් තමා හමුවීමට ඇතැම් නිලධාරීන් බාධා කරන බවයි. එය වැරැදි ක්‍රියාවක් බවද ඔහු කීය.
රැස්වීමෙන් පසු ගොවි නායකයෝ පාර්ලිමේන්තු මහජන ගැලරියටද පැමිණ සභාවේ කටයුතු දැක බලා ගත්හගොවි නායකයෝ මැතිසබයට

රැස්වීමෙන් පසු ගොවි නායකයෝ පාර්ලිමේන්තු මහජන ගැලරියටද පැමිණ සභාවේ කටයුතු දැක බලා ගත්හ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd