
(අංජුල මහික වීරරත්න)
දහඩිය මහන්සියෙන් වැඩ කරන ගොවි පරපුරේ සහ පෞද්ගලික අංශයේ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නට සහ ඔවුන්ට සාධාරණත්වයක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරන්නට රාජ්‍ය යන්ත්‍රණයට යුතුමක් සහ වගකීමක් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
පොළොන්නරුව ඇතුළු සියලු ගොවි ජනතාව සහ පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව තම දහඩිය මහන්සියෙන් උපයන මුදලින් රාජ්‍ය අංශයේ සියලු දෙනාගේ වැටුප් ගෙවන බව හොඳින් මතක තබා ගත යුතු බවද එජාප සභාපතිවරයා කීය.
එක්සත් ජාතික පක්ෂ පොළොන්නරුව දිස්ත්‍රික් සම්මේලනය අමතමින් වජිර අබෙිවර්ධන මහතා මේ බව කීය.පොළොන්නරුව බුද්ධි මණ්ඩප ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්විණි.
"රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාර ගත්තේ බංකොලොත් වූ රටක්. කඩා වැටුණු රට අද එතුමාගේ කැපවීම, උත්සාහය සහ වසර 50 ක දේශපාලන අත්දකීම් නිසා ඔසවා තබා තිබෙනවා.රනිල් යන මාර්ගය හැර වෙනත් මාර්ගයක් නැහැ. අපි සියලු දෙනාම ඔහුට සහයෝගය දිය යුතු යුතුයි. රට ගොඩගැනීමට සියලු දෙනාම එකතු විය යුතුයැයි වජිර අබෙිවර්ධන මහතා කීය.

2025 දෙසැම්බර් මස 18
245
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගොවි අයිතිය රකින්න රජයට යුතුකමක් තිබෙනවා