IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ගෝල්ෆේස් කානිවල් අකුලා ගනියි

(සුජිත් හේවාජුලිගේ)

දේශපාලන හයිය ලබාගත් කිසියම් කණ්ඩායමක් කොළඹ ගාලු මුවදොර පිටියේ බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය බව කියන විනෝද ක්‍රීඩා ඇතුළත් සැණකෙළිය (කානිවල්) එහි සංවිධායකයන් විසින් අද (27) හදිසියේම නවතා දමනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ගාලු මුවදොර පිටිය  බාරව කටයුතු කරන ශ්‍රී ලංකාව වරාය කළමනාකරණ හා උපදේශක සේවා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරාජ්  කතුරුසිංහ මහතාගෙන්  අප කළ විමසුමකදී ඔහු  පැවසුවේ සැණකෙළිය නවත්වන බව එම පිරිස ඊයේ  ලිඛිතව දැනුම් දුන් බවයි.

සැණකෙළිය හේතුවෙන් ගාලු මෝදර පිටියට යම් හානියක් වී ඇත්නම් ඒ සඳහා මුදල් ගෙවන බවටද  ඔවුන් පොරොන්දුවූ  බව හෙතෙම සඳහන් කළේය.

එම සැණකෙළිය පසුගිය 23 වැනිදා බ්‍රහස්පතින්දා ආරම්භ කර තිබුණේ කොළඹ ගාලු මුවදොර පිටිය ආගමික කටයුතු හැරෙන්නට වෙනත් උත්සව සංවිධාන කිරීම තහනම් කර තිබියදීය. සැණකෙළිය අවසන් වරට පැවැත්වුණේ පෙරේදා(19)ය.

බලහත්කාරයෙන් පවත්වාගෙන ගිය බව කියන මෙම සැණකෙළිය පිළිබඳව ඊයේ  ලංකාදීප  පුවතකින් ද තොරතුරු අනාවරණය කෙරිණ

කොළඹ ගාලු මුවදර පිටිය ආගමික කටයුත්තකට හැරෙන්නට වෙනත් කිසිම උත්සවයකට ලබා නොදීමට කැබිනට් මණ්ඩලය අරගලයෙන් පසු තීරණය කළේය.



අදහස් (9)

ගෝල්ෆේස් කානිවල් අකුලා ගනියි

Mohammed Dasthakeer Sufi Ismail Monday, 27 May 2024 11:47 PM

කවුද කරේ, කවුද පැවැත්වූයේ කියලා කියන්න බැරි ඇයි?

:       0       4

Nimal Tuesday, 28 May 2024 06:41 AM

මේ දුරධාන්ත රජයේ අනුග්‍රහයෙන් සිදු කෙරෙන හොර මගඩි වල අඩුවක් නම් නැත

:       3       14

Asanga Tuesday, 28 May 2024 07:30 AM

රටේ නීතිය නමන මෙවන් අමනයින්ට දඬුවම් නැද්ද ?

:       1       21

සුජි Tuesday, 28 May 2024 07:52 AM

කොහොමත් ඕක තියන්න ඉන්න ඇත්තේ නිවාඩු දවස් හතරේ විතරයි.

:       1       18

නිමල් Tuesday, 28 May 2024 07:53 AM

ආගමික කටයුත්තකට ගත්තනම් ආගමක් තියෙන්න එපැයි. අදාල නායකයෝ දැනුවත් නැද්ද?

:       0       12

ගාමිණි Tuesday, 28 May 2024 07:55 AM

බොරු බබා පාට් එපා. සංවිධායකයන්ගේ නම් දාන්න. හරිම අප්‍රසන්නයි

:       0       22

hesa Tuesday, 28 May 2024 09:35 AM

සැණකෙළි මොකටද මේ වර්ෂා කාලයේ, සැණකෙළිය තමා අරගලයක් වෙන්නෙ

:       5       8

akalanka Tuesday, 28 May 2024 10:12 AM

නිවාඩු දවස් හතරේ විතරයි කානිවල් එක තියන්න ඕනේ උනේ.ඒක ඉවර උනාම කොහොමත් අකුලා ගන්නවා තමා.දැන් කියයි අපි නීතිය ක්‍රියාත්මක කළා කියලා.මරු බඩු

:       0       28

Jayasiri Tuesday, 28 May 2024 11:33 AM

නීතිය කඩ කළ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි? සමහරුන්ට තවත් උදාහරණයක් නීතියට ඉහළින්! පොලිසිය ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site