
(එච්. චන්දන)
පුත්තලම දිස්ත්‍රික්කයේ - කරුවලගස්වැව තබ්බෝව අභය භූමිය තුළ ස්ථාපනය කරන ලද වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවට අයත් ‘‘ගල්විල පාරිසරික උද්‍යානය ‘‘ ජනතාවට විවෘත කෙරිණි.
යාල, විල්පත්තුව වැනි ජාතික වනෝද්‍යානවල මෙන් දෙස් විදෙස් සංචාරකයන් හට පහසුවෙන් වන සතුන් ඇතුළු ස්වාභාවික පරිසර පද්ධති නැරඹීමට මෙහිදී අවස්ථාව හිමිවේ.
තබ්බෝව අභයභූමිය කේන්ද්‍ර කරගෙන පුත්තලම- අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව පහරියහංදිය ප්‍රදේශයේ ස්ථාපිත කළ ගල්විල පාරිසරික උද්‍යානය වනසංරක්ෂක ජනරාල් ඩබ්.ඒ. සි වේරගොඩ මහතාගෙන් ප්‍රධානත්වයෙන් විවෘත කිරිම සිදුවිය.
මෙම ස්ථානයේ මේ වන විට නවාතැන් ගැනීමේ පහසුකම් නොමැති අතර ඒවා සකස් කරගෙන යනු ලැබේ. පුත්තලමේ නවාතැන් පහසුකම් ලබා ගන්නා අයකුට ගල්විල පාරිසරික උද්‍යානය කිලෝමීටර 13 ක් ඈතින් පිහිටා තිබේ.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිස් අවකාශයේ, නිදහසේ පියාඹා යන කුරුලු ජෝඩුවටත්, හරිත වර්ණයන්ගෙන් සමන්විත, සොබාමත් අතු පතර හිඳ කාවදෝ සොයන තනි කුරුල්ලාටත්, තනිව ආහාර බුදින අලියාටත් මගේ හද බැඳුනි.
මේ පරිසර උද්‍යාන ව්‍යාපෘතියට මුදල් දෙන ලෝක බැංකු වාර්තාවක් අනුව මෙය වර්ග කිලෝ මීටර් 330ක් විතර විශාලයි. යාල අභය භූමියෙන් 1/3ක්. කළා වැව තෙක් දිවෙන මේ විශාල වනාන්තරයේ ඓතිහාසික දුර්ලභ පුරා විද්‍යාත්මක ස්ථාන පිහිටලා තියෙනව. අතීතයේ රහතුන්වහන්සේලා වැඩසිටි භූමියකුත් මේ වනාන්තරයට අයිතියි. සාලිය අශෝක පෙම් පුවතටත් සම්බන්ධයි. ඒ හින්ද පළමුව ඒ ස්ථාන ආරක්ෂා කරන වැඩ පිළිවෙලක් තිබිය යුතුයි. මේ වනාන්තරයට විශාල වැව් 6ක් මායිම් වෙනවා. කුඩා වැව් තුනකුත් අයිතියි. ගල් හත නමැති දුර්ලභ කඳු තලාව සහ විවිධ ගල්තලා, ගුහාවන් පිහිටලා තියෙනව. 2017 වහල් ආණ්ඩුව පටන් ගත්ත මේ ව්‍යාපෘතියේ වාර්තාවේ වනාන්තරය, සතා සීපාවා ගැන මිසක් මෙහි ඇති පුරාවිද්‍යා වටිනාකමින් යුක්ත ස්ථාන ගැන සඳහනක් නැහැ. මේ ආණ්ඩුවත් කිසි ඇගයීමක් නොකර කලින් විදිහටම ව්‍යාපෘතිය අරන් යනවා. ක්‍රියාවෙන් සහ දැක්මෙන් හිටපු සහ ඉන්න ආණ්ඩු දෙකම මුල් තැන දෙන්නේ මුදලට මිසක් පරිසරය හෝ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න නෙමෙයි. ඒ හින්ද ගල්විල පරිසර උද්‍යානය තුල පිහිටලා තියෙන පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන රැක ගැනීම සඳහා වැඩ පිලිවෙලකුත් මේ ව්‍යාපෘතියට එකතු කල යුතුයි.
( 1 කොටස ) පරිසරය සහ සතුන් ගැන පුන පුනා කීමට අදහස් නොකලත් මේ සතුන් සහ වනය ආරක්ෂාකර ගැනීමට ඇති බාධක කිහිපයක් ගැන කියන්නම්. මේ සියලුම කරුණු අදාළ ආයතනවල රැකියා කරන මහත්ම මහත්මීන්ගෙන් දැනගැනීමට ලැබුන ඒවායි. ශ්‍රී ලංකාවේ පරිසරය ආරක්ෂාකරගැනීමට අපහසුම " දේශපාලුවන්" ගෙන්ය. සමහරු අවුරුදු 5 කට ජනතාවගෙන් ලැබෙන තාවකාලික බලයෙන් උමතුවී කැලෑ වනසති. සතුන් දඩයම් කරති, නැතහොත් පණපිටින් අල්ලාගෙනයති. සමහර වනාන්තරවල ඔවුන් සිදුකරන " ජාවාරම් "නිසා ප්‍රදේශයට ආවේනික සතුන් බැහැර යයි. නැතහොත් මියයයි.
( 2 කොටස ) පසුව ඒ වියාපෘතිය මග නැවතී ඇතිබව දුටුවා මතකයි. ගිය වසරේදී. ඒ පිළිබඳව වගේම ගම් වැසියන්ගේ එක්සත්කම ගැනත් සතුටුයි. දේශපාලුවන්ගෙන් සහ උන්ගේ දරුවන්ගෙන් " රටේ නීති කැඩෙන " ස්ථාන ඕනෑතරම් තිබෙනවා. නුවරඑළියේ "සඳ තැන්න " නැරඹීමට පුද්ගලික රථවලින් යාම තහනම්. ඒ අවට ඇති බිජ අර්තාපල් වගාව ආගන්තුක විෂ බිජ වලින් අරක්ශා කරගනිමටයි. ඒ සඳහා විශේෂිත ජීප් රථ පමණයි යොදාගන්නේ. නමුත් දේශපාලුවන් නිතරම උත්සාහ කරන්නේ තමන්ගේ රථයෙන්ම යන්නලු. නමුත් කොන්ද පන ඇති ඒ ආයතනයේ කළමනාකරණය ඊට ඉඩදී නැත. මේ අනුව, අප පරිසරය මුලින්ම ආරක්ෂාකරගත යුත්තේ මෝඩ, නුගත් ,උද්දච්ච ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ගෙනි. එය එතරම් පහසු නැත. ජයශ්‍රී මහා බෝධියේ ඉහල මඩුවට යාම තහනම්. නමුත් එවැනි උතුම්, පාරිශුද්ධ ස්ථානයකට යාමට අවසර ඇත්තේ. මිනීමරු, දුෂිත, වංචනික, මේ රට විනාශකළ ශ්‍රී ලංකාවේ දේශපාලුවන්ට පමණයි. නීතියක් නැති රටක අපට පරිසරය ආරක්ෂාකරගත හැකි වාසනාවන්ත දවසක් කවදාහෝ ආවොත්.. ඒ සඳහා අවශ්‍ය වන්නේ එකම එක පිළියමයි. " දේශපාලුවන්ට කොන්ද නොනමන " මහත්වරුන්ගෙන් " සැදී අභිමානවත් ,ශක්තිමත් නීති පද්ධතියක්. මුළු රටටම එකම නීතියක්...!!! එය සිහිනයක්ද.?
( 6 වන ෆොටෝ එක බලන්න ..) තනිවුන අලියෙක්...!!! තනි වෙලාද නැතිනම් තනි කරලද...? ප්‍රශ්නයක් ඉතිරිකරලා අලියා පමණක් ඉන්නවා. ජිවිතයේ සමහර අවස්ථාවලදී අප තනිවෙනවා ..එත් තනි කල අයට ලොකු හේතුවක් ඇති. ඒ නිසා ඔබව යමෙක් තනිකලේනම් හැමදාම හැමවිටම ඔහුට හෝ ඇයට ආදරේ කරන්න. ජීවිතය ඔහේ ගලාගෙන යන්න දෙන්න. ජිවිතයට ඕනා විදිහට.
මෙහි පින්තූරවල පෙනෙන, හිස් අවකාශයේ නිදහසේ පියාඹා යන කුරුලු ජෝඩුවත්, හරිත වර්නයන්ගෙන් වටවුණු ගහකොළ මැද සිට කාවදෝ සොයන තනි කුරල්ලාවත් මගේ හද තදින් බැඳ ගත්තා. තනියම ආහාර බුදින තනි අලියා හිතන්න ඇති තනියම ඉන්න එක ඇඟට ගුණයි කියලා. ඇයි ඉතින් තනියට කිසිවකු හරි ආවාම රණ්ඩු කරන එකමනේ වැඩේ. මාත් කැමතියි ඒ තනිකමට...