
(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල විවිධ සේවා සමූපකාරයට අයත් ගලේවෙල මකුලුගස්වැව ඉන්ධන පිරවුම්හ හල අසල අද (23) දින පස්වරුවේ අවස්ථා කිහිපයකදීම යුද පිටියක් බවට පත්වූ අතර ප්‍ර දේශවාසීන් සහ කාන්තාවෝ එක්ව මැර කණ්ඩායම්වලට පහර දී ඔවුන් එළවා දැමීමට පියවර ගත්හ.
මෙම ඉන්ධන පිරවුම්හලට දින ගණනාවක් සිට ලැබෙන ඉන්ධන ප්රදේශයේ ජනතාවට ලබා ගැනීමට දැඩි දුෂ්කරතා මතුව තිබෙන බවත් ඉන්ධන ලබා ගැනීමට එන බොහෝ පාරිභෝගිකයන්ට එම ස්ථානයේ සිටින මැරකම් කණ්ඩායම් පහර දීම් සිදු වී ඇති බව මකුලුගස්වැව පොලිසියට පැමිණිලි රැසක් ලැබී ඇතැයි පොලිසිය කියයි.
එවැනි තත්ත්වයක් තිබියදී අද 23 දින පස්වරු ඉන්ධන බෙදාහැරීම් කටයුතු සිදුකරන අවස්ථාවේදී මැර කණ්ඩායම් පැමිණ ප්රදේශ්වාසීන්ට ඉන්ධන ලබා ගැනීමට නොදී ඔවුන් ඉන්ධන ලබා ගැනීම සිදු කරද්දී එකවරම කාන්තාවන් කණ්ඩායම්ක් පැමිණ මෙම පිරිස්ට පහරදී පන්නා දැමීමට කටයුතු කරන්නට වූහ.
එම අවස්ථාවේදී කාන්තාවන් පොලීසියටද බුලි වලින් පහර දී මැර කණ්ඩායම් වලට දැඩි ලෙස පහර දෙමින් පන්නා දැමීමට කටයුතු කළ අතර ආරක්ෂක නිලධාරීන්ට ද එය පාලනය කර ගැනීමට නොහැකි විය.
ඉන්ධන ලබා ගැනීම සඳහා පැමිණ සිටි මෙම කණ්ඩායම් කියා සිටියේ පොලිසිය යුද හමුදාව සියල්ල රැඳී සිටියදී මැරකම් කණ්ඩායම් මෙම ඉන්ධන පිරවුම්හල අත්පත් කරගෙන සිටින බවය.
මෙම හේතුව නිසා පැමිණිලි දැම්මද පොලිසිවලින් කිසිදු ආරක්ෂාවක් නොලැබෙන බව ද ඔවුහු කියති. මේ වන විටත් ඉන්ධන පිරවුම්හලේ කළමනාකාරවරයා ඇතුළු කණ්ඩායම් පහර දුන් බවට පාරිභෝගිකයන් මකුලුගස්වැව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවද ඔවුහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑණු අයම ගහනකන් එතැන හිටපු පිරිමි කට්ටිය මොනවද කළේ... පොලිසියේ මහත්වරුත් අන්තයි...
සුනඛයාගේ ගෝලයෝ ආපහු මැරකම් කරන්න පටන් අරන්... ගලේවෙල අමතක නොවෙන්න කන්න තමයි හදන්නේ...!!!
රට නම් අරාජික වෙලා. පාලකයික් බුම්මට්ටයින් වගේ බලං ඉන්නවා...
ජනතාව මෙවන් ශෝචනීය තත්වයකට ඇද දැමූ රාජපක්ෂවරුන්ට සාප වේවා..!
හිරුනිකාගේ මොඩලයේ ගැණු !!! ඔය සෙට් එක මේ ලංකාවේ තියන හැම පිරවුම් හලකටම එවන්න බැරිද ?මොකද බොහෝ තැන්වල "ගේම් එක දෙන්නේ " මැරයෝ ඕනනම් අපි ගානක් ගෙවන්නම් !!!! කොහොම උනත් ඔයගොල්ලෝ ගැන අපට ආඩම්බරයි !!!!
කාන්තාවන් ඉදිරියට එනකල් මෙ මහත්වරු මොනවද කලේ? අනේ මහත්තුරුනි, ඔබේ ප්‍රදේශයේ මැරයන්ට රජ කරන්න දෙන එක දැන්වත් නවත්තන්න. . ඔබ ඉදිරියට එන්න. . මෙ වීර කාන්තවන්ට එක කරන්න පුලුවන් නම් අයි ඔබට බැරි? එ විදියටම මෙ රටෙ මැරකම් කරන කලකන්නි දේශපාලුවන් වත් එලවන්න ඉදිරියට එන්න.. ඔබ එහෙම කලොත් ඔබෙ දරුවන්ට අනගතයක් තියෙයි..
ගැහැණු තමයි දැන් ප්‍රමුඛත්වය ගන්න ඕනෑ. හිරුනිකා රටටම ආදර්ශයක්. ඔය ගණන් කාරයින් ලෙස රඟන අය, තනියම ඉද්දී නැට්ට බඩයට ගහගෙන ඉන්න බලු කුක්කන්... මට අහු වුණෝතින් ඔවුන් "කප්පාදු කරලයි" මම පස්ස බලන්නේ...