
(අංජුල මහික වීරරත්න)
ගාල්ල ජාතික රෝහල ස්ථාපිත කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතෙහි සහ යාබද පළාත්වල රෝගීන් හට මාතෘ සත්කාර සේවා හැර තෘතීයක සේවා සපයන ප්‍රධානතම සෞඛ්‍ය මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන අතර එකී පළාත්වල ප්‍රාථමික හා ද්විතීයක සෞඛ්‍ය සත්කාරක සේවා ආයතන මගින් විශේෂඥ සේවාවන් සඳහා මෙම රෝහල වෙත රෝගීන් යොමු කරනු ලබයි.
රුහුණු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සහ සම සෞඛ්‍ය විද්‍යා පීඨයේ ඉගැන්වීම් කටයුතු සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකය ස්ථාපිත කර ඇත.
මෙම වසර අවසන් වන විට රෝහලෙහි ඇඳන් ධාරිතාවය 2858ක් දක්වා වැඩි කිරීම මත එය කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලට පමණක් දෙවැනි වන තෘතීයක සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් බවට පත්වනු ඇතැයි රජය කියයි.
ඒ අනුව කොළඹ ජාතික රෝහලට සහ මහනුවර ජාතික රෝහලට අමතරව කරාපිටිය ශික්ෂණ රෝහල ජාතික රෝහලක් ලෙස කාණ්ඩ ගත කරමින් ගාල්ල ජාතික රෝහල ලෙස නම් කිරීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලට ජාතික රෝහලක්
Hafeel Thursday, 23 May 2024 11:15 AM
එහෙම වෙනවා නම් හොඳයි. මෙහම තමයි බියගමටත් ජාතික රෝහලක් දෙනවයි කියල දැන් ගානක් ගත වෙලා. රටපුර විවිඩ රෝහවල බෙහෙත් වර්ග රාශියක් හිග, X-RAY, SCAN ඇතුළු අත්‍යවශ්‍ය යාන්ත්‍රවල් එක්කෝ වැඩ කරන්න නැහැ, එක්කෝ අමතර කොටස් මිලදී ගන්න මුදල් නැහැ කියනවා. වෛද්‍යවරු රට හැර යනවා නිසා වෛද්‍යවරුන්ගේ හිග. මේවා පාලනය කරන්න නැතුව, කොහොමද නව ජාතික රෝහල්වල් ඉදි කරන්නේ?
සිල්වා Thursday, 23 May 2024 01:28 PM
මොනව වුණත් ප්‍රිමිතියෙන් යුතු බෙහෙත් ටික ලබාදීමට පියවර ගත යුතුය.
ලංකාපුත්‍ර Friday, 24 May 2024 07:46 AM
ප්‍රමිතියකින් බෙහෙත් දුන්නොත් අතමිට සරුකර ගන්න බැහැනේ ආයුබෝවං දැක්කා නේද කෙහෙලිය හා අමාත්‍යාංශයේ ලොක්කෝ ඇමැතිවරයා කියන දේ කරන්න ගිහිල්ලා කරගත්තේ මොකක්ද කියලා... ඇමැතිගේ පදේට නටන ලේකම්ලා සිටිනතුරු රටට සෙතක් නැහැ.. (ලේකම්ලා පත්කරන්නේ ඇමැති මනාපය තියෙනතුරු කියලා ලිඛිතව පත්වීම් දෙනනිසා තමයි ඔක්කෝම වැරැදි වෙන්නේ කියලා පැහැදිලියි)
ජයනාත් Thursday, 23 May 2024 01:57 PM
මේ යෝජනාව හොඳයි. ඒ වගේම කරාපිටිය නගරය ක්‍රමවත් කරන්න. හරි බස් නැවතුම්පොළක් නැහැ. පිරිසිදුව ආහාර පාන ගන්න තැනක් නැහැ.. මාර්ග තදබදය ඉතා වැඩියි.. වැස්ස දවස්වල අපායක්.. පාරවල් යටවෙනවා. ඒවාටත් ක්ෂණිකව පිළියම් යොදන්න ඕනෑ.