(ඩී.ජී.සුගතපාල)
ගාල්ල කිතුලම්පිටිය එස්.ඕ.එස් ළමා නිවාසයේ රඳවා සිටි ළමයන් තිදෙනකු ළමා නිවාසයෙන් පලාගොස් ඇති බව එහි සේවකයකු අද සවස පෝද්දල පොලිසියට පැමිණිලි කර තිබේ.
වයස අවුරුදු 10ක සහ 08 ගැහැණු ළමයන් දෙදෙනකු සහ අවුරුදු 12ක පිරිමි ළමයකු මෙසේ පලා ගොස් ඇත.
මෙම ළමයන් තිදෙනා විදියේ සැරිසරමින් සිටියදි මාතර මහේස්ත්රාත් අධිකරණයේ නියෝග මත මෙම ළමා නිවාසයට යොමු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කූඩැල්ලා කොට්ටෙ උඩ තියන්න බැහැනේ වීදි දරුවො රදවා තබනවා නම් නොදන්නා ප්රදේශයක තියන්න ඕනි SOS නිවාස මාතාවන් විශ්රාම ගියත් එහිම රදවා ගන්නවා ඔවුන්ට සමාජයට යන්න නිදහස නැහැ කියලා දැනගැනීමට ලබුනා ඒවාත් බලන්න
SOS එකේ වැඩ කරන අයට සලකන විදිය නම් අන්තිමයි. මැනේජ්මන්ට් එක හොඳ නෑ. හරියට සේවකයින්ට වෙනස්කම් කරනවා. පඩි හරියට ගෙවන්නේ නෑ. අපෙන් සල්ලි නම් වෙලාවට එකතු කරගන්නවා. ලොකු පුටුවල ඉන්න මහත්තුරු ලොකු වාහනවල යන්නේ එන්නේ... රට රටවල යනවා ළමයින්ට දෙන සල්ලිවලින්...