
(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
ගාල්ල වරායේ ආයෝජන සඳහා සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින බවත් ඉන් සුදුසු සමාගමකට ආයෝජන සඳහා නුදුරේදීම අනුමැතිය ලබා දෙන බවත් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ගාල්ල වරාය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළේදී කිසිදු සේවකයකුගේ රැකියා අනතුරකට පත්වන ආකාරයේ සැලසුම් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමිනි.
ගාල්ල වරායේ සංවර්ධනය ජාතික අවශ්‍යතාවක් මිසෙක ආයතනයක්, කණ්ඩායමක්, ප‍්‍රදේශයක් හෝ කලාපයක් ඉලක්ක කරගනිමින් කෙරෙන වැඩසටහනක් නොවන බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
ගාල්ල වරාය සංවර්ධිත වරායක් බවට පත්කිරීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් පතිරණ මහතා විශාල උත්සාහයක් ගත් බව පැවසූ අමාත්‍යවරයා එම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදහස දිගින් දිගටම යථාර්ථයක් නොවී ඇති පසුබිමක ඒ සිහිනය ගාල්ල වරාය තුළ යතාර්ථයක් කිරීමට තමා කැපවන බවද ප්‍රකාශ කළේය.
ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස දියුණු කිරීම සඳහා රජය ප‍්‍රතිපත්තිමය තීරණයක සිට ඉදිරි කටයුතු සැලසුම් කළයුතු බව පැවසූ සිල්වා මහතා ඒ සඳහා ශ‍්‍රී ලංකා වරාය අධිකාරියට සුදුසු සැලැස්මක් ඇති බවද අවධාරණය කළේය.
දියකඩනයක්, විනෝදාස්වාද කලාප, නව වරාය නගර සැලැස්මක් , රුවල් හා මගී නෞකා පහසුකම් සහිත කලාපයක්, ක‍්‍රීඩා කලාපයක් ඇතිකරමින් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා ව්‍යාපාරික අවස්ථා ඇති කිරීම සඳහා මෙහි මූලික සැලැස්ම නිර්මාණය කර ඇති බවත් ව්‍යාපෘතිය ප‍්‍රදේශයේ ජනතාවට මෙන්ම රටේ ජනතාවටද ප‍්‍රතිලාභ රැුසක් අත්වන එකක් බවත් හෙතෙම පැවසීය.
මෙම අවස්ථාවට වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඞී.එස් රුවන්චන්ද්‍ර, ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ගයාන් අල්ගේවත්තගේ, කළමණාකාර අධ්‍යක්‍ෂ උපුල් ජයතිස්ස, අතිරේක කළමණාකාර අධ්‍යක්‍ෂ සුසන්ත අබේගුණවර්ධන, ප‍්‍රධාන කළමණාකරු (තොරතුරු පද්ධති) නිර්මාල් ෆොන්සේකා, ගාල්ල වරාය නේවාසික කළමණාකරු විජය සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු විධායක නිලධාරීන් , සේවක මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
361
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ල වරාය බාරගන්න සමාගම් තුනක් ඉදිරිපත් වෙයි
ravin Monday, 19 September 2022 02:48 PM
ටොලමිගේ සිතියම්වලත් සලකුණුකර ඇති ගාලු වරාය දියුණු කිරීම හොඳ වැඩක්. හැබැයි කොස්සකට තියෙන්නේ ඕකෙන් කොමිස් ගහලා තිබුණු ටිකත් නැති භංගස්ථාන කරයිද කියන එක තමයි.