(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බන්ධනාගාර ඉතිහාසයේ ප්‍රථම වතාවට රැඳවියන් පිරිසක් බාල දක්ෂයින් ලෙස පුහුණුකර ඔවුනට පදක්කම් සහ කරපටි පැළඳවිම බන්ධනාගාර අධිකාරි එස්.ආර්.ගලප්පත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර පරිශ්‍රයේදි සිදු කළේය.
එහිදි බන්ධනාගාර අධිකාරිවරයා කියා සිටියේ ලබන 31වනදින පල්ලේකැලේ එළමහන් සිර කඳවුරේදි පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරියට සහභාගිවිම සඳහා මෙම බාල දක්ෂ කණ්ඩායම පුහුණු කරනු ලැබු බවයි.
එදින සිට දින හතරක් පුරා පැවැත්වෙන බාල දක්ෂ ජම්බෝරියට බන්ධනාගාර 32ක රැඳවියන්ගේ බාල දක්ෂ කණ්ඩායම් සහභාගිවිමට නියමිතය.
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් එකොළොස් දෙනෙකු ගාල්ල දිස්ත්‍රික් බාල දක්ෂ ආචාරයවරුන්වන සුජිත් ඒකනායක සහ චින්තක කෞශල්‍ය යන මහත්වරුන් විසින් පුහුණු කොට ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ගාල්ල රැදවියෝ ඉතිහාසය අලුත් කරයි