
(ඩී.ජී.සුගතපාල)
ගාල්ලට ඊයේ (04) රාත්‍රි ඇද හැළුණ ධාරාණිපාත වර්ෂාවෙන් මාර්ග රැසක් සහ පහත්බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ජන ජිවිතයට දැඩි බාධා එල්ලවිය.
ගාල්ල බද්දේගම මාරගයේ තලාපිටිය, සරෙන්තුකඩේ, දංගෙදර, බෙලිගහ, යන ප්‍රදේශවල බොහෝ ස්ථානද වක්වැල්ල මාර්ගයේ සංඝමිත්ත පුර, මිනුවන්ගොඩ ඇතුලු ප්‍රදේශ රැසක්ද ජලයෙන් යටවි තිබිම නිසා ගමනා ගමනයට බාධා පැමිණ තිබින.
එයට අමතරව මෙම ප්‍රදේශවල සමහර නිවාස සහ වෙළඳසල් අඩි දෙකක් පමණ ජලයෙන් යටවි තිබිණි.
පැය දෙකකට අධික කාලයක් නොකඩා ධාරාණිපාත වර්ෂාව පැවති අතර මේ නිසා වෙසක් සැරසිලි හා දන්සල් ආදියට දැඩි බාධා පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ගාල්ලෙ අයට නම් අමුත්තක් නෙවෙයි. ගාල්ල ට මෙතෙක් කල් යම් වැඩක් කලේ රිචඩ් පතිරණ විතරයි. දැන් ඉන්න මැති ඇමතිලා කරපු මගුලකුත් නැහැ. කරන මගුලකුත් නැහැ. ගාල්ල දකුණු ලකේ් අගනුවරලු. කිසිම පහසුකමක් නැහැ. මාතර කෙතරම් දියුණුද. ගාල්ලෙ පාරවල් ගන්න දෙයක් නැහැ. වලවල් හැම තැනම. නගරයේ කිසිම සැලැස්මක් නැහැ. ගංවතුරෙන් යට වෙන්නෙ නැත්තෙ ඩික්සන් කන්ද විතරයි. ඊළඟ ඡන්දෙදි මේ ඉන්න හැත්ත එළවලාම දමමු.