IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ගාල්ලේ බාලිකාවකින් ජලය ඇද්ද කෝටිපතියාට ලක්ෂ 10ක දඩයක්

(සුජිත් හේවාජුලිගේ )

ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට නොමිලේ ජලය සැපයෙන මාර්ගයෙන් ජලය කාලයක් තිස්සේ නීති විරෝධීව ලබාගෙන ඇතැයි කියන කෝටිපති ව්‍යාපාරික කොන්ත්‍රාත්කරුවකුට එලෙස නීති විරෝධීව ලබාගත් ජලය වෙනුවෙන් රුපියල් ලක්ෂ දහයකට ආසන්න දඩ මුදලක් නියම කර ඇතැයි ජල සම්පාදන හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි.

එම දඩ මුදල ඒ ව්‍යාපාරිකයා විසින් පසුව ගෙවනු ලැබූ බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා පැවසීය.

මෙම කොන්ත්‍රාත්කරු එම පාසලේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නෙකි. ඔහු පාසලට නොමිලේ ජලය සපයන මාර්ගයෙන් කාලයක් තිස්සේ එම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සඳහා ජලය ලබාගෙන ඇතැයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කළ විමර්ශනයකදී තොරතුරු අනාවරණයවී ඇත.

ඔහුට ඉහත දඩ මුදල නියම කර ඇත්තේ ඒ අනුවය.

මේ අතර පාසල් වලට නොමිලේ ජලය සපයන මාර්ග වලින් ඇතැම් ආපන ශාලා, විදුහල්පති සහ ගුරු නිවාස, ව්‍යාපාරික අරමුණින් පවත්වාගෙන යන පිහිනුම් තටාක යනාදිය සඳහා යම් යම් අවස්ථාවලදී ජලය ලබා ගන්නා බවට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට තොරතුරු ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් මේ දිනවල දැඩි විමසිල්ලෙන් පසුවන බව එම මණ්ඩලය ප්‍රකාශ කරයි.

පාසල් වලට නොමිලේ ලබාදෙන ජලය මෙලෙස අවභාවිතා කිරීමෙන් රජයට වාර්ෂිකව විශාල පාඩුවක් සිදුවන බව මණ්ඩලයේ නිලධාරීහු පෙන්වා දෙති.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරි( අයකිරීම්)ඒකනායක වීරසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ ජල සම්පත් මණ්ඩල ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයේ වාණිජ අංශය මෙම දඩ මුදල අය කර ගැනීම සඳහා කටයුතු කර තිබිණ.

 



අදහස් (3)

ගාල්ලේ බාලිකාවකින් ජලය ඇද්ද කෝටිපතියාට ලක්ෂ 10ක දඩයක්

ලුම්බිණි Monday, 29 August 2022 04:37 AM

කිසිම දෙයක් නොමිලේ දෙන්න එපා. එතකොට හොරකම් කරනවා.

:       0       0

Perera Monday, 29 August 2022 08:18 AM

පාසලක, පන්සලක ඉදිකිරීමක් කරන කොන්ත්‍රාත්කරුවෙක් එතකොට පිටින් වතුර ගෙන එන්න ඕනෑද? ඉදිකිරීම් වැඩවලට..?

:       2       0

ganegodaMonday, 29 August 2022 12:15 PM

සිංහල තේරුම් ගන්න අපහසු නම්.. දෙමළ පත්තරයක් කියවන්නකෝ. එතකොට ඔය කිසි ප්‍රශ්නයක් නැහැනේ..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 424 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site