IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ගාල්ල නගරාධිපති පී.සී.ආර් - නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි

(ජී.ඩබ්ලිව් කේ. ප්‍රේමතිලක ද සිල්වා)

කොවිඩ් ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම නිසා ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාට නිරෝධානයට හා පී සී ආර් පරීක්ෂණයක් සිදුකිරීමට අවශ්‍ය බව පැවසූ විට ඒ මහතා එම ඉල්ලීම් සියල්ලම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ගාල්ලේ කොරෝනා පාලනය සම්බන්ධව ගැටලු සහගත තත්වයක් මතුවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පැවසීය.
 
සෞඛ්‍ය නීතිරීති අනුගමනය නොකරමින් තම සුපුරුදු රාජකාරිවල නගරාධිපති නිරතව ඇති බවද හෙතෙම කීය.
 
වෛද්‍ය මංජුල ද සොයිසා මහතා තවදුරටත් පැවසූයේ ගාල්ල නාගරිකයේ පළමු පුරවැසියා මෙසේ හැසිරීම කනගාටුවට කරුණක් බවයි.
 
මේ සම්බන්ධයෙන් ගාල්ල මහා නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා මහතාගෙන් විමසීමේදී ඒ මහතා මෙසේ කීය.
 
“මට කවුරුවත් නිරෝධායනය වෙන්න හෝ පීසීආර්  කිරීමට උපදෙස් දුන්නේ නැහැ. නගර සභාවේ සේවකයන් 16දෙනෙක් නම් නිරෝධනයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ උපදෙස් පිට ලක් කළා”



අදහස් (9)

ගාල්ල නගරාධිපති පී.සී.ආර් - නිරෝධායනය ප්‍රතික්ෂේප කරයි

Hafeel Friday, 19 February 2021 12:58 PM

කෝ එක රටක එක නීති...?

:       3       39

බද්රානි Friday, 19 February 2021 02:52 PM

ගාල්ල නගරාධිපතිතුමා කවදාවත් නීතියට පිටින් වැඩ කරන කෙනෙක් නොවෙයි. ඔය මාෆියා දොස්තර කල්ලිය දේශපාලන කෝන්තරයක් පිරිමහ ගන්නයි ඔය හදන්නේ? කොහොම වුණත් මේ රටේ කෝවිඩ් මර්දනයට ඔය මාෆියා කල්ලිය කළ දෙයක් නැහැ. තනතුරු, තානාන්තර ලබාගෙන රාජ්‍ය තන්ත්‍රයේ ඉහළින් වැජබීම තමයි ඔවුන්ගේ පරමාර්ථය. ලංකාවේ ගුණයහපත් වෛද්‍යවරුන්ගේ උපදෙස් හැරුණු විට, දොස්තර මාෆියාවේ උපදෙස් අපට අවශ්‍ය නැහැ. අපි අපි ගැන බලා ගන්නම්, ඔබලාගේ නින්දිත දේශපාලනය ඔහොමම කරගෙන යන්න අර වඳ දොස්තරලත් එක්කම...

:       47       12

නන්නාදුනන හාදයා Friday, 19 February 2021 04:59 PM

මහජන සෞඛ්‍ය නිලධාරී මහත්වරුනේ..., ඇයි ඔය උද්දච්ඡ මෝඩයාගේ කන පැලෙන්න දෙකක් ගහලා, බෙල්ලෙන් ඇදගෙන ගිහින් පී.සී.ආර්. පරීක්ෂණයට නහයට කූරක් බස්සලා පටල අරගත්තේ නැත්තේ...? නිරෝධායනයට අකමැති නම් නගර සභාවේ වැසිකිළියට දාලා දවස් 15 ක් දොර ලොක් කරලා තියන්න.

:       1       33

බද්රානිFriday, 19 February 2021 08:28 PM

නමක් වත් සඳහන් නොකොට, නන්නාඳුනන හාදයකු ලෙසින් කරලියට පැමිණ ගණන්කාරකම් පාමින් තමුන්ලාගේ ජානමය තත්වයන් සමාජය තුළට ගෙනහැර දැක්වීම මාෆියා කල්ලි සාමාජිකයින්ගේ ස්වභාවය බව අපි දැනගෙන නම්, බොහෝ කල්... පට්ටම කුමක් වුවත් උපතින් ගෙනා ජානමය තත්වයන් තමයි ඔය ප්‍රදර්ශනය කරන්නේ. මහජනතාවගේ මුදලින් පිනට ඉගෙන ගෙන, රාජකාරිය පසෙකලා දේශපාලනය කරන උගත් අමන මෝඩ, අමනයින්ට වඩා, මහජන ඡන්දයෙන් පත් වුණු දේශපාලකයින් හා නගරාධිපතිවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අපට වැදගත්. බලාගෙන ගියාම ත්‍රීවිල් රථ රියදුරන්ට හා බස් කොන්දොස්තර මහතුන්ට මේ දොස්තර මාෆියා කල්ලි අමනයින්ට වඩා හික්මීමක්, සදාචාරයක් තියනවනේ.

:       17       5

වීරසිංහ.Saturday, 20 February 2021 10:22 AM

කතාව හරියි කියමුකෝ.. ඒ වුණාට වෙනදා දේශපාලකයින්ට පට්ට පතුරු යනකන් බනින කෙනා අද හොඳ කියලා.

:       0       2

yakaMonday, 22 February 2021 06:46 AM

බද්‍රානිලාට ඔච්චරටම රිදිලා තියෙන්නේ මොකද දන්නේ නැහැ.

:       0       2

බද්රානිMonday, 22 February 2021 11:16 AM

නෑ... යකා මහත්තයෝ, රිදිලා නෙමේ, ඒ ගොල්ලන්ගේ ක්‍රියාකලාපය ගැන ලොකු අප්පිරියාවකුයි තියෙන්නේ. දොස්තරලා විදිහට, නොසණ්ඩාල දේශපාලන වැඩ කරාම, කටක් ඇරලා කොහොමද වර්ණනා කරන්නේ?...

:       0       3

Prasad Saturday, 20 February 2021 02:59 AM

උප නගරාධිපති මුස්ලිම් නිසා එය සම්බන්ධ වෙච්ච ප්‍රශ්නේ කොච්චර දුර ගෙනිච්චද?

:       0       13

Prasad Saturday, 20 February 2021 03:00 AM

මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන අඩුවුණත් බස් ගාස්තු එහෙමමයි
2025 මැයි මස 01 49 0

ඩීසල් මිළ පහළ දැමුවද බස් ගාස්තු පහළ දැමීමක් සිදු නොවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේය.


ගිනි අවි පෙන්වා කොල්ල කෑ පොලීසියේ දෙන්නෙක් මාට්ටු
2025 මැයි මස 01 160 0

ගිනි අවියක් පෙන්වා පුද්ගලයෙකුට මරණීය තර්ජනය කර රුපියල් ලක්ෂ 85 ක් මුදලක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අපරාධ පරීක්


‘ස්වාධීන වෙස් මුහුණ දාගත්තට ජනතාව පිළිගන්නේ නෑ‘
2025 මැයි මස 01 109 0

පළාත් පාලන නොමැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම් හදාගෙන වෙනත් ලාංඡනවලින් ආවත් විපක්ෂයේ භාවිතාව, දර්ශනය, හැසිරීම වෙනස් නොවනතාක් ජනතාව පිළිනොගන්නා බව අග්‍


අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 463 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 268 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 118 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 322 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1110 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site