
(ඩී.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසලදි දුම්රිය මාරගයට අද (01) උදැසන ගලක් පෙරලිම නිසා රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාරගයට හානි පැමිණ තිබේ.
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබු රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබියදි බිංගෙය අසල උස් ඉඩමක තිබු ගලක් පෙරලි ඇති අතර එහිදි දුම්රි මාරගයට ද ගල දුම්රියේ ඉන්ධන ටැංකියේ යට වැදි ඉන්ධන ටැංකියටද හානිවි ඇත.
එම අවස්ථාවේ ඉන්ධන කාන්දුවක් සිදුවු බවත් මෙම දුම්රියේ එන්ජින් දෙකක් තිබෙන නිසා පසුව අනෙක් එන්ජිමෙන් දුම්රිය ධාවනය කිරිමට පියවර ගත් බවත් දුම්රිය දෙපාරතමේන්තුවේ නිලධාරියෙක් පැවසිය.
(ඡායාරූප: ඩී.ජී.සුගතපාල)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් පෙරලීම දේවදත්තලාගේ කඩාකප්පල් කාරී වැඩක්...